𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ රු. මිලියන 1 ක් වටිනා ගෘහ උපකරණ තෑගි

‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ රු. මිලියන 1 ක් වටිනා ගෘහ උපකරණ තෑගි

| | 0 Comments |

සෑම සතියකම රන් මාලයක් සහ තවත් ආකර්ෂණීය තෑගි දිනා ගන්න!

කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින් හට දැන් ඉතා වටිනා කැරට් 22 රන්මාල ඇතුළුව තවත් වටිනා තෑගි හිමි කර ගැනීමට අවස්ථාව සැලසී ඇත.

සමාගමේ නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘රාණි සඳුන් වාසනා වරම’ යටතේ පාරිභෝගිකයින් හට රුපියල් ලක්ෂයක වටිනාකමින් යුතු රන් මාල 6 ක්, රෙදි සෝදන යන්ත්‍ර 6 ක්, මයික්‍රොවේව් උදුන් 6 ක්, මීඩියා පෑඩ් 6 ක්, ගෑස් උදුන් 6 ක් හා රයිස් කුකර් 6 ක් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. එමෙන්ම, රාණි සඳුන් වෙතින් සති හයක් පුරා පිරි නැමෙන, තෑගි පාර්සල් 84 ක් දිනා ගැනීමටද හැකි වන බව සමාගම සතුටින් දැනුම් දෙයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 01 සිට දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වන අතර,  සතිපතා දිනුම් ඇදීම් මගින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. “රාණි සඳුන් වාසනා වරම” පිළිබඳ වැඩිදුර විස්තර සහ යාවත්කාලීන කිරීම් පිළිබඳව දැන ගැනීම සඳහා රාණි සඳුන් ෆේස්බුක් පිටුවට පිවිසිය හැකිය.

මේ සඳහා ඇතුළත් වීමට, කැමති රාණි සඳුන් පාරිභෝගිකයින් හට, තමන් මිලදී ගන්නා ඕනෑම රාණි සඳුන් හිස් අසුරන දෙකක්, සිය නම ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කර, “රාණි සඳුන් වාසනා වරම” තැ.පෙ.අංක 4, කඳාන යන ලිපිනයට එවීමෙන්, මේ සඳහා සුදුසුකම් ලැබීමට හැකි වේ.

“වෙළෙඳ පොළේ පවතින සඳුන් සබන් වර්ග අතරින් වඩාත් විශ්වාසවන්ත සබන් නිෂ්පාදනය වන රාණි සඳුන් අගයන අපගේ වටිනා පාරිභෝගිකයින්ට මෙවැනි වැඩසටහනක් මගින් තෑගි පිරිනැමීමට ලැබීම ඉතාමත් සතුටක්” යනුවෙන් ඒ පිළිබඳ අදහස් දැක්වූ ස්වදේශී කර්මාන්තායතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

රාණි සඳුන් නිෂ්පාදනයන්හි අඩංගු ප්‍රධානතම සංඝටකය ලෙසින්, සමට දිදුලන බවක් ලබා දෙන සඳුන් ඇතුළත් වන අතර, එම සංඝටකය සම මෘදු හා සුසිනිඳු ලෙසින්, නිරෝගීමත්ව  හා පැහැපත් ස්වභාවයෙන් පවත්වාගෙන යාමටත් උපකාරී වෙමින්, නිරතුරුවම සම සුගන්ධවත්ව තබයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින්, එම කාරණා පිළිබඳ දැනුවත් කිරීමටද අදහස් කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

රාණි සඳුන් සන්නාමය නිරතුරුවම, සඳුන් මගින් සමට අත් කරගත හැකි විශේෂ ප්‍රතිලාභ පිළිබඳ හොඳින්ම දන්නා,  සුන්දර කාන්තාවන් සමග සම්බන්ධ වී තිබේ. වසර 80 කට වැඩි කාලයක් තිස්සේ වෙළඳ පොළෙහි පවතින හොඳම හා මුල්ම සඳුන් සබන් නිෂ්පාදනය ලෙස යුවතියන් රාණි සඳුන් පිළිබඳ විශ්වාස තබා කටයුතු කරති. රාණි සඳුන්, රුව වඩන සබන් අතරෙහි රැජින ලෙසින්ද පිළිගැනීමට පාත්‍රව තිබේ. 1941 වසරේ මුල්වරට වෙළෙඳ පොළට නිකුත් කෙරුණු, දින සිට රුව වඩන සබන් අතර ප්‍රමුඛතම සබන් ලෙසින් අඛණ්ඩව ගෞරවයට පාත්‍රව සිටින, රාණි සඳුන් මේ වන විට විදෙස් වෙළෙඳ පොළ තුළද විශිෂ්ට පිළිගැනීමකට පාත්‍රව තිබේ.

කඳානේ ස්වදේශී කර්මාන්තායතනය, ශ්‍රී ලංකාවේ ශාකසාර සබන් නිෂ්පාදනය කළ පළමු ශ්‍රී ලාංකික සමාගමයි. එහි නවෝත්පාදන හා පර්යේෂණ පදනම් කරගත් නිරන්තර වර්ධනය හේතුවෙන් සබන් නිෂ්පාදන ගණනාවක් ක්ෂේත්‍රයට මුල්වරට හඳුන්වා දීමටද සමාගමට හැකිව තිබේ. ඒ අතරට පළමු රුව වඩන සහ සඳුන් සබන් නිෂ්පාදනය වන රාණි සඳුන්, පළමු ශාකාසාර සබන් නිෂ්පාදනය වන කොහොඹ හා පළමු ශාකසාර ළදරු සබන් නිෂ්පාදනය වන කොහොඹ බේබි ඇතුළත් වේ. ස්වදේශී සමාගම විසින් වෙළෙඳ පොළට හඳුන්වා දුන් ප්‍රම්‍රඛතම සන්නාම අතර කොහොඹ, රාණි සඳුන්, කොහොඹ බේබි, ලිට්ල් ප්‍රින්සස්, පර්ල්වයිට්, ලක් බාර්, සේෆ්ප්ලස්, ලේඩි, බ්ලැක් ඊගල් පර්ෆියුම් හා ස්වදේශී ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

ස්වදේශී කර්මාන්තායතනය ISO 9001: 2015 සහතික ලත් සමාගමක් වන අතර, හොඳම ශාකසාර මිශ්‍රණ භාවිත කරන අතර, නිෂ්පාදන සඳහා යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යයක්ම, පුළුල් ලෙස පර්යේෂණවලට භාජනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කරන සමාගමකි. සියලු නිෂ්පාදන 100% ක් ශාකසාර වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

රෙදි සෝදන යන්ත්‍ර දිනාගැනීමට අවස්ථාව සලසා දුන් “Diva Power Washing විප්ලවය”රෙදි සෝදන යන්ත්‍ර දිනාගැනීමට අවස්ථාව සලසා දුන් “Diva Power Washing විප්ලවය”

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි

Unilever Sri Lanka Celebrates a Decade of Empowering Sri Lanka’s Youth Through the 10th Edition of Its Coveted ‘SPARKS’ student Ambassadorship ProgramUnilever Sri Lanka Celebrates a Decade of Empowering Sri Lanka’s Youth Through the 10th Edition of Its Coveted ‘SPARKS’ student Ambassadorship Program

Empowering the younger generation, Unilever Sri Lanka recently inducted its 10th batch of Unilever ‘SPARKS’ student Ambassadors, welcoming 26 passionate undergraduates from 10 different universities into its impactful and sought-after

සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළටසිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළට

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි