𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළට

සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළට

| | 0 Comments |

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට ඇතුළත් වන හෙයින් දැන්, ගෘහස්ත, සුළු පරිමාණ මෙන්ම මධ්‍ය පරිමාණ මැහුම් මධමධඇඟළුම් කර්මාන්ත ශාලාවලට යොදා ගැනීමෙන් කාර්යක්ෂම හා මනා නිමාවෙන් යුතු නිෂ්පාදන සමගින් සිය නිෂ්පාදන ඉලක්ක වෙත යාමට මැහුම් කර්මාන්තයේ නියුතු ඔබට අවස්ථාව සලස්වා දී තිබේ. එමෙන්ම සිංගර් හඳුන්වා දෙන ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණයෙන් යුත් මෙම නවතම මැෂින් මාදිලි පෙළ මගින් 70% ක් දක්වා විදුලිය පිරිමැසීමේ හැකියාව, පාරිභෝගිකයින් හට අත් විඳිය හැකි සුවිශේෂීම වාසියකි.

ශ්‍රී ලංකාවේ මැහුම් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරන සිංගර්, ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින් දේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කළ කාර්මික අධිවේගී මහන මැෂින්, මේ වන විටත් සීඝ්‍ර අලෙවියක් අත්පත් කර ගනිමින් තිබේ. අද වන විට මැහුම් කර්මාන්තයේ නියැලෙන පිරිස පමණක් නොව, ගෘහස්ත පාරිභෝගිකයින් වැඩි දෙනෙක්ද, සිය මැහුම් අවශ්‍යතාවය ඉටු කර ගැනීම උදෙසා අධිවේගී මහන මැෂින් මිලදී ගැනීමට පෙළඹී සිටිති. ඒ අනුව මහන මැෂින් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සලකා බලා තවත් නවතම මැෂින් මාදිලි 35 ක් පමණ සිංගර් මේ වන විට වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. කලින් කලට ලොව ප්‍රකට සන්නාම සමග අත්වැල් බැඳ ගනිමින් පාරිභෝගික අවශ්‍යතාවට ගැලපෙන අයුරින් ලොව නවතම තාක්ෂණය මුසු මාදිලි ගණනාවක් හඳුන්වා දීමට සිංගර් කටයුතු කරන අතර, සුවිශේෂී ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණය කැටි කර ගත් මෙම නවතම අධිවේගී මහන මැෂින්,  මැහුම් කර්මාන්තයේ නියැලෙන පාරිභෝගිකයින් හට වැඩි පහසුවක් හා වාසියක් අත් කර දීමට සමත් ව තිබේ. ඒ ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණය මගින් විදුලිය ඉතිරි කරදීමට අමතරව, ක්ලච් මෝටරයට සාපේක්ෂව අවම ශබ්දය, උෂ්ණත්වය හා දෙදරීම අවම වීම ආදී වාසි සැලසෙන බැවිනි.

වෙළෙඳ පොළේ ඇති මැෂින් වර්ග ගණනාවක් අතරින් මැසීමේ කාර්යය සඳහා මූලිකව, සිංගල් නීඩ්ල් හා ඕවර්ලොක් යන මැෂින් වර්ග ද්විත්වය පමණක් වුව සෑහේ. සාප්පු සඳහා නිමි ඇඳුම් සපයන සුළු පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලාවල බහුලව  භාවිතයට ගැනෙන්නේද, මෙම මැෂින් වර්ග ද්විත්වයයි. එහෙත් මැහුම් කර්මාන්තය පුළුල් වෙද්දී, මැසීමේ කාර්යයට සම්බන්ධ අධි තාක්ෂණික කාර්යයන්ද මැෂින් මගින් ඉටු කර ගැනීමෙන් පහසුව සලසා ගැනීමට වැඩි දෙනෙක් පෙළඹී සිටිති. ඒ හේතුවෙන් එම්බ්‍රොයිඩර් කිරීම, බොත්තම් ඇල්ලීම, බොත්තම් කාස මැසීම, ෆියුසින් කිරීම, ස්නැප් බට්න් කිරීම, වැකියුම් අයන් කිරීම, ලේසර් කිරීම, හීට් ට්‍රාන්සර් කිරීම, එන්ග්‍රේවින් කිරීම ආදී කාර්යයන් තනි තනිව ඉටු කරගත හැකි මැෂින් සිංගර් හඳුන්වා දී තිබේ. අද වන විට මැහුම් කර්මාන්තය ඇඟළුම්වලට පමණක් සීමා නොවන අතර, විවිධාකාර මැහුම් අවශ්‍යතාවන්ට සරිලන පරිදි මහන මැෂින් සිංගර් වෙතින් වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබීම එම කර්මාන්තයේ නියැලෙන හා ඒ සඳහා ප්‍රවිශ්ට වීමට බලාපොරොත්තුවෙන් සිටිනා පිරිසට වඩාත් පහසුවකි.

වෙළෙඳ පොළේ ඇති single needle මැෂින්වලින් නවතම ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණයට අනුකූලව නිපදවන ලද ZOJE-MCZJ9513 මැෂිම මගින් මැසීමේදී වැය වන විදුලි බිලෙන් 70% ක් පමණ අඩු කර ගැනීමේ හැකියාව පවතින බවට සිංගර් සහතික වෙයි. මේ දක්වා වෙළෙඳ පොළේ භාවිත වූ අධිවේගී මහන මැෂින්වල, මෝටරය ක්‍රියාත්මක කර තිබියදී සැලකිය යුතු විදුලිය ප්‍රමාණයක් වැය වූ අතර, ZOJE සන්නාමයේ මෙම නවතම single needle මාදිලිය ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණය මුසු කර ගනිමින්, වෙළෙඳ පොළට නිකුත් වී තිබෙන්නේ, මැෂිම පාගන අවස්ථාවලදී පමණක් විදුලිය වැය වන ආකාරයටය. එමෙන්ම, නවතම අධිවේගී කාර්මික මැෂින්හි මෝටරයෙන් ශබ්දය හා උෂ්ණත්වය නිකුත් කිරීමද පාලනය කර තිබේ. සාමාන්‍යයෙන් අධිවේගී මහන මැෂින්වල වේගය පාලනය කිරීම පාදයෙන් පමණක් ම සිදු කළ හැකි නිසා, නුපුහුණු පිරිස් ඒ සඳහා යොමු වීමට බියක් දක්වන බැවින්, එම ගැටලුවට පිළියමක් වශයෙන් මෙම නවතම මාදිලි නිපදවා තිබෙන්නේ, වේගය අවශ්‍ය පරිදි පාලනය කළ හැකි ක්‍රමවේදයක්ද හඳුන්වා දෙමිනි. මෙවැනි වාසි නිසාම අද වන විට, වෙළෙඳ පොළේ මෙම නවතම මාදිලියේ මහන මැෂින් සඳහා සුවිශාල ඉල්ලුමක් පවතී. එසේම මැසීම සඳහා ප්‍රමාණවත් ආලෝකයක් ලැබෙන පරිදි මැෂිමේ ඉඳිකටුව ආසන්නයෙන් වැඩි තීව්‍රතාවයකින් යුතුව දැල්වෙන LED විදුලි බල්බ කිහිපයක් සවි කර තිබීම නිසා අමතර ආලෝකයකින් තොරව මැසීමේ කාර්ය කරගෙන යාමේ හැකියාවද පවතී. එමෙන්ම අවශ්‍ය පරිදි ඉඳිකටුව උඩට හෝ පහළට සිටින පරිදි මැස්ම අවසන් කිරීමටද, හැකියාව පවතී.

සිංගර් වෙතින් පාරිභෝගිකයින් හට පිරි නැමෙන අධිවේගී ඕවර්ලොක් මැෂින්, ඉඳිකටු 2 හා නූල් 3, 4. 5 හා 6, ඉඳිකටු 3 වශයෙන් පවතින අතර, මිනිත්තුවකට මැහුම් 5000 – 5500 ත් අතර ප්‍රමාණයක් පවත්වා ගනිමින් මනා වේගයක් ලබා දෙයි. ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණය හේතුවෙන් මෙම නවතම ඕවර්ලොක් මැෂින් මගින්ද 70% ක් දක්වා විදුලිය පිරිමැසිය හැකි බව සිංගර් සඳහන් කරයි.  

නවතම මැෂින් මාදිලි අතර, සිංගර් හඳුන්වා දී ඇති MCZJ8000E මාදිලිය සාමාන්‍ය මැෂිමක් මෙන් නොව, ස්වයංක්‍රීයව මැස්ම ටැග් කිරීමේ හැකියාවද පවතින අතර එහි වේගය අඩුවැඩි කිරීම, ස්වයංක්‍රීයව නූල කපා දැමීමට හා  නියමිත දුරකින් අවශ්‍ය හැඩය මසා නිම කර ගැනීමට කල්තියා සැලසුම් කළ හැකි වීමද විශේෂත්වයකි. කලිසම් කමිස ආදියෙහි සාක්කු පහසුවෙන් හා හොඳම නිමාවෙන් මසා ගැනීම සඳහා අද වන විට මෙම මැෂින් ඇඟළුම් කර්මාන්තය සඳහා බහුලව යොදා ගැනෙන අතරම, ගෘහ හෝ කර්මාන්ත ආශ්‍රිත මැහුම් කර්මාන්තයේ නියැලෙන පිරිසටද මෙවැනි මැෂිමකින් අත්කර ගත හැකි වාසිය සුළුපටු නොවේ. එමෙන්ම අල්ට්‍රාසොනික් නන්- වෝවන් බෑග් සැකසුම් මැෂිම හා ඊට සමගාමීව SDY- JT 60-S, බෑගයේ දාර මසා ගැනීමට,  SDY JT DK එහි සිදුරු කපා ගැනීමට හා SDY JD- 50- Q බෑගයේ හැඬලය මසා සවි කිරීම සඳහාත් නිපදවා තිබේ.

ඒ හැරුණු විට මැහුම් කර්මාන්තය සඳහා අවශ්‍ය ඉඳිකටු, කතුරු, ට්‍රිමර්, ෂට්ල්, බොබින් ආදී ඕනෑම අමතර උපාංගයක් දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර වෙතින් මිලදී ගැනීමේ පහසුව පාරිභෝගිකයින් හට සලසා දී තිබේ.  එමෙන්ම, සිංගර් වෙතින් කලකට ඉහත මිලදී ගත් අධිවේගී කාර්මික මැෂින්වල පරණ ක්ලච් මෝටර් වෙනුවට විදුලිය ඉතිරි කරන නවතම මෝටර්, ඉතා සුළු මුදලක් වැය කර සවි කරවා ගැනීමටද පාරිභෝගිකයින්ට දැන් අවස්ථාව තිබේ. එය නවතම මාදිලියේ අධිවේගී කාර්මික මැෂිමක් මිලදී ගැනීමට නොහැකි පාරිභෝගිකයින් හට සැලසෙන ඉමහත් වාසියකි. ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලද සෑම මහන මැෂිමක් සඳහාම, සිංගර් වෙතින් විද්‍යුත් පරිපථයට හා මෝටරයට වසර තුනක් දක්වා වලංගු සුවිශේෂී වගකීමේ සහතිකයක්ද හිමි වේ. ඒ හැරුණු විට මිලදී ගන්නා මැෂින් සඳහා  වසරක කාලයක් නොමිලේ අලුත්වැඩියාවද සිංගර් මගින් සිදු කර දේ. දිවයින පුරා ඇති සිංගර් සේවා සැපයුම් මධ්‍යස්ථානයන්හි, මෙම අධිවේගී කාර්මික මැෂින් අලුත්වැඩියා කර දීම සඳහා පුහුණු තාක්ෂණික ශිල්පීන් පිරිසක් ද සිටින අතර, මැෂින් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් හට මතු වන ඕනෑම ගැටලුවක් සාකච්ඡා කළ හැකි නියෝජිතයකු දිවයින පුරා සිංගර් සේවා මධ්‍යස්ථාන සඳහා පත් කර තිබේ. එමෙන්ම, යූනියන් පෙදෙසෙහි ඇති සිංගර් මහන මැෂින් සම්බන්ධ ශාඛාවේද, මෙම මැෂින් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කළ 16 දෙනකුගෙන් සමන්විත තාක්ෂණික පිරිසක් සිටිති. ඒ හැරුණු විට, දිවයින පුරාම සිංගර් මහන මැෂින් පාරිභෝගිකයින් හට සේවාව සැපයීම සඳහා 30 දෙනකුගෙන් පමණ සමන්විත අමතර නියෝජිත පිරිසක්ද පත් කර තිබේ. සිංගර් වෙතින් මැෂින් මිලදී ගන්නා පාරිභෝගිකයින් හට අවශ්‍ය නම් දිවයින පුරා ඇති  සිංගර් ෆැෂන් ඇකඩමි ශාඛා හරහා නොමිලේ පුහුණු සැසි වාර සඳහා සහභාගී වී මැෂින් පිළිබඳ පුහුණුවක් වුවද ලබා ගැනීමටද සිංගර් අවස්ථාව සලසා තිබේ.

දිවයින පුරා ප්‍රදර්ශනාගාරවලදී ලබා ගත හැකි නවතම මැෂින් අත්පිට මුදලට මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී වට්ටම් ක්‍රමයක් සිංගර් හඳුන්වා දී තිබේ. එමෙන්ම, මාස 12, මාස 15 හා මාස 18 ක වැනි කාල සීමාවන් ඇතුළත පොලී නොමැතිව කොටස් වශයෙන් ගෙවීමටද, සිංගර් පහසුකම් සලසා තිබේ. මැෂින් පිළිබඳ සියලු විස්තර 0115 400 400 දුරකතන අංකයෙන් සිංගර් කෝල් සෙන්ටර් ඇමතීමෙන්ද, www.singer.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන්ද දැනගත හැකි වේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Hemas Consumer இலங்கையில் L’Oréal உடன் கூட்டிணைந்து அதன் துறைகளை வலுவூட்டுகிறதுHemas Consumer இலங்கையில் L’Oréal உடன் கூட்டிணைந்து அதன் துறைகளை வலுவூட்டுகிறது

இலங்கையின் அழகியல் மற்றும் தனிநபர் பராமரிப்புத் துறையின் முன்னணி உற்பத்தியாளரும் விநியோகத்தருமான Hemas Consumer, உலகின் முதல்தர அழகுசாதன நிறுவனமான L’Oréal உடனான பாரிய கூட்டிணைவின் மூலம் அதன் துறைகளை மேலும் பலப்படுத்தியுள்ளது. இந்த கூட்டாண்மை மூலம் Hemas Consumer அதன்

Hemas Consumer Brands Records Compelling Win at SLIM Brand Excellence Awards 2024 for its Powerhouse Brands – Fems, Baby Cheramy & DivaHemas Consumer Brands Records Compelling Win at SLIM Brand Excellence Awards 2024 for its Powerhouse Brands – Fems, Baby Cheramy & Diva

Hemas Consumer Brands (HCB) has yet again reinforced its leadership in Sri Lanka’s Fast Moving Consumer Goods (FMCG) sector, emerging victorious at the prestigious SLIM Brand Excellence Awards 2024. Crowned

CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.

රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම ජාතික වාණිජ මණ්ඩලය (Ceylon National Chamber) විසින් සංවිධානය කරන ලද Achiever Awards හීදී අඛන්ඩව 3 වැනි වසරටත් ජයග්‍රහණයට පාත්‍රවන ලදී. වසර 20කට