𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz 2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් බාර ගැණේ

2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් බාර ගැණේ

| | 0 Comments |

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන  හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම්  ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී  ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත්  බාර ගැණේ.

 මෙම ජුලි මස 31 දා දක්වා අයදුම්පත් බාර ගැනීම සිදු කරන  බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

 මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ දසවන වතාවට වන  අතර  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.

 රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය, යොවුන් කාණ්ඩය යන අංශ යටතේ අයදුම්පත් බාර ගැණේ.

මෙම සම්මාන ප්‍රදානයට පාත්‍රවන නිර්මාණකරුවන්ට අන්තර්ජාතික විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් සදහා වු  ඉදිරි දැක්ම යථාර්තයක් කර ගැනීම මෙහි ජාතික අරමුණයි. ඒ සදහා  මානව සම්පත සුදානම් කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කෙරේ. www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර ලබා ගත හැකිය.  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික ආරක්ෂක අමාත්යංශය යටතේ ක්‍රියාත්මකවන රාජ්‍යය ආයතනයකි

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Singer Fashion Academy: முயற்சியாண்மையின் ஊடாக மேன்மையை அடைதல்Singer Fashion Academy: முயற்சியாண்மையின் ஊடாக மேன்மையை அடைதல்

60 ஆண்டுகளுக்கும் மேலாக இயங்கி வரும் Singer Fashion Academy, பெஷன் டிசைனிங் மற்றும் ஆடை உருவாக்கத்தில் பல தொழில் முயற்சியாளர்களை உருவாக்கியுள்ளது. இந்த தொழில் முயற்சியாண்மை தொடர்பான கதைகள் Singer Fashion Academy வழங்கிய முன்னேற்றப் படிகளுக்கான தனிநபர்களின் நன்றிக்கடன்

Big Bad Wolf Books சிறந்த கொள்வனவு அனுபவத்தை வழங்க Shopify உடன் கைகோர்ப்புBig Bad Wolf Books சிறந்த கொள்வனவு அனுபவத்தை வழங்க Shopify உடன் கைகோர்ப்பு

நாடு முழுவதும் உள்ள புத்தக ஆர்வலர்களை ஆச்சரியப்படுத்தும் வகையில், Big Bad Wolf ((பிக் பேட் வுல்ஃப்) ஒன்லைன் புத்தக விற்பனை மீண்டும் இலங்கைக்கு திரும்பியுள்ளது. இம்முறை, இணைய வர்த்தக (e-commerce) நிறுவனமான Shopify உடன் இணைந்து, Wolf Pack மிக