𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත සමාගම විසින් ඉකුත් කාලය පුරාම, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක්ම දියත් කරන ලදී. කොවිඩ්-19 වසංගත අර්බුදය හමුවේ සමාජය නගා සිටුවීම පිණිස පැල්වත්ත සමාගම දක්වන කැපවීම එම වැඩසටහන් තුළින් මැනවින් පිළිඹිබු කෙරේ. එම වැඩසටහන් අතුරින් එකක් වූයේ, වසංගත තත්ත්වය හමුවේ දෛනික කිරිපිටි අවශ්‍යතාව සපුරා ගත නොහැකිව සිටි ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි තොගයක් පරිත්‍යාග කිරීමයි.

මිතුරු මිතුරෝ සංවිධානය ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් සංවිධානයක් වන අතර, එය රජයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ලියාපදිංචි කර තිබේ. මේ වන විට පැල්මඩුල්ල, කුරුවිට, ගම්පහ සහ පිළියන්දළ යන ප්‍රදේශවල ඒ යටතේ පිහිටුවා ඇති ශාඛා හතරක 350 කට අධික පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබති.

“මෙම නේවාසික පිරිසගේ භාවිතය සඳහා දෛනික කිරිපිටි අවශ්‍යතාවය හා කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අවශ්‍ය කිරිපිටි ලබා ගත නොහැකි වීමේ ගැටලුවකට සංවිධානය මුහුණ පා ඇතැයි, සමාගම් කළමණාකාරීත්වය දැනුවත් වීමත් සමග, සමාජ වගකීමක් සහිත දේශීය කිරි නිෂ්පාදන ආයතනයක් වශයෙන්, ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට අපි බොහෝ සෙයින් බැඳී සිටියා.” සමාගම සඳහන් කරයි.

‘මිතුරු මිතුරෝ’ සංවිධානය සඳහා අරමුදල් සපයනු ලබන්නේ එහි නේවාසිකව ප්‍රතිකාර ලබනා පිරිසගේ දෙමව්පියන් විසින් මාසිකව සිදු කරනු ලබන මූල්‍ය ආධාරයෙන් වන අතර, 2020 මාර්තු මස සිට රජය විසින් ඇඳිරි නීතිය පනවනු ලැබීමත්, සමාජ දුරස්ථකරණයත් හේතුවෙන් සංවිධානයට සිය දෛනික කිරිපිටි අවශ්‍යතාවය වන කිලෝ ග්‍රෑම් 10 ක ප්‍රමාණය සපුරා ගැනීමේ හැකියාවක් නොවිණි. එම තත්ත්වය යටතේ, පැල්වත්ත සමාගම මෙම අසීරු කාල සීමාවේ සංවිධානයෙහි පැවැත්මට උදව් කරමින්, සම්පූර්ණ යොදය සහිත පැල්වත්ත කිරිපිටි තොගයක් පරිත්‍යාග කිරීමට පියවර ගත්තේය.

වත්මන් සෞඛ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පැල්වත්ත සමාගම, නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙන්ම බෙදා හැරීමේදී ද, සියලු පාර්ශවයන්ගේ සුරක්ෂිත බව තහවුරු කරමින්, ඉහළම සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරනු ලබයි.

පශ්චාත් කොවිඩ් 19 තත්ත්වය තුළ මතුවිය හැකි යැයි පුරෝකතනය කෙරෙන ආර්ථික අවපාත හා පසුබෑම් මධ්‍යයේ, ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන පැවැත්මට බාධා කරන ගැටලුවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීම පිණිස වගකිව යුතු සමාගමක් ලෙසින්, පැල්වත්ත සමාගම විවිධාකාර සමාජ සත්කාර ක්‍රියාවට නංවයි.

එමෙන්ම, එම සමාගම නිරතුරුවම එවැනි සමාජ සත්කාර, සිය දැක්මෙහි කොටසක් වශයෙන් සලකයි. ඉකුත් වසරවල පැල්වත්ත සමාගම මගින් සිදු කළ සමාජ සත්කාරකවලට, බදුල්ල දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් කළ වැඩසටහන්ද ඇතුළත් විණි. ශ්‍රී ලංකාව දේශීය කිරි නිෂ්පාදනය අතින් ස්වයං පෝෂිත කිරීමේ රජයේ ඉලක්කයට පුරෝගාමීන් ලෙසින් දායක වන අතරෙහි, මෙම ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යාමට සමාගම අපේක්ෂා කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය.