𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz 4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට

4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට

| | 0 Comments |

ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක්

මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක් Huawei විසින් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම්ව සිටී. දේශීය පාරිභෝගිකයාට නවතම අත්දැකීමක් හිමි කර දෙමින් මෙලෙස වෙළද පොළට හඳුන්වා දීමට උපාංගයන් පහක් Huawei සමාගම සූදානම් කර ඇති බව වාර්තා වේ. රටේ දැනට පවතින තත්ත්වයන් පිළිබඳ සළකමින් මෙම උපාංග හඳුන්වා දීම Huawei ශ්‍රී ලංකා නිල ෆේස් බුක් පිටුවේ online වැඩසටහනක් ආකාරයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

මෙහිදී වෙළද පොළට හඳුන්වා දීමට සූදානම් කර ඇති උපාංගයන් අතරට, තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත,  4GB RAM + 64GB සහිත  entry-level මාදිලියේ ස්මාර්ට් දුරකථන මාදිලියක් වන Huawei Y6p ඇතුළත් වේ.  වෙළද පොළෙහි ඇති අනෙකුත් තරඟකාරී නිෂ්පාදන සඳහා විශාල අභියෝගයක් එක් කරමින් වෘත්තීය ජීවිතයේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට මෙන්ම විනෝදාස්වාදය උපරිමයෙන් අත්විඳිය හැකි tablet මාදිලියක් ද මෙලෙස හඳුන්වා දෙන නිෂ්පාදන අතරට ඇතුළත් වේ. තවද වෘත්තිකයින් ඉලක්ක කර ගනිමින් , ඔවුන්ගේ එදිනෙදා  කාර්යන් වඩාත් පහසු කල හැකි නවතම ලැප්ටොප් මාදිලි දෙකක්ද මෙලෙස වෙළද පොළට නිකුත් වන බව වාර්තා වේ. 

මෙම වැඩසටහන නැරඹීම සඳහා Huawei ශ්‍රී ලංකා නිල ෆේස් බුක් පිටුව හා එක්වන්නන් වෙත Huawei P40 Pro, Huawei nova 7i, Huawei Band 4 සහ එදිනට නිකුත් වන නව නිෂ්පාදනයන් ත්‍යාග ලෙස හිමි කර ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් හිමි වන හෙයින්, මෙය මඟ නොහැරිය යුතු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.  මෙහිදී එම අවස්ථාව තුළදී අසන ප්‍රශ්ණ සඳහා නිවැරදි පිළිතුරු ලබා දෙන ජයග්‍රහකයින් අට දෙනෙකු සඳහා මෙම ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වේ. 

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා පවසා සිටියේ මෙම නිෂ්පාදන හඳුන්වා දීම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීමක් ළඟා කරන බවයි.  මෙහිදී හඳුන්වා දෙන තාක්ෂණික උපාංගයන් සියල්ලම දේශීය පාරිභෝගිකයින්ට විශේෂ අත්දැකීමක් ළඟා කරන බව විශ්වාසයෙන් යුතුව කිව හැකි බවත් හෙතෙම පවසා සිටී.  පහසු මිලකට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙන මෙම උපාංගයන් වෙළද පොළ තුළ විශාල පෙරළියක් ඇති කරනවා මෙන්ම, මේ සඳහා පාරිභෝගිකයින් අතර විශාල ආකර්ෂණයක් අනිවාර්යෙන්ම ඇති වනු ඇති.  මෙම උපාංගයන් හඳුන්වා දීමේ අවස්ථාව සඳහා එක් වන ලෙස හෙතෙම සියලුම පාරිභෝගිකයින්ට ආරාධනා කර සිටි.

Huawei ශ්‍රී ලංකා නිල ෆේස් බුක් පිටුව වෙතින් මේ පිළිබඳ වැඩි දුර විස්තර ඉදිරියේදී ලබා ගත හැකිය. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Swadeshi “Khomba Baby Care Range” re launched to offer more herbal goodnessSwadeshi “Khomba Baby Care Range” re launched to offer more herbal goodness

Baby Soap-Cream-Cologne-Powder-Shampoo-Oil-Kids Cologne 𝙉𝙚𝙬 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙞𝙣𝙜𝙧𝙚𝙙𝙞𝙚𝙣𝙩𝙨, 𝙣𝙚𝙬 𝙛𝙧𝙖𝙜𝙧𝙖𝙣𝙘𝙚𝙨 𝙖𝙣𝙙 𝙣𝙚𝙬 𝙥𝙖𝙘𝙠𝙖𝙜𝙞𝙣𝙜 𝙩𝙖𝙠𝙚𝙨 𝙘𝙤𝙪𝙣𝙩𝙧𝙮’𝙨 𝙉𝙤 01 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙗𝙖𝙗𝙮 𝙘𝙖𝙧𝙚 𝙗𝙧𝙖𝙣𝙙 𝙩𝙤 𝙣𝙚𝙬 𝙝𝙚𝙞𝙜𝙝𝙩𝙨 Swadeshi “Khomba Baby Soap” Sri Lanka’s No. 01

කොවිඩ් වසංගතයට ගොදුරු වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් අඛණ්ඩව සිය දායකත්වය සපයයි.කොවිඩ් වසංගතයට ගොදුරු වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් අඛණ්ඩව සිය දායකත්වය සපයයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුල හැකිතාක් ප්‍රජාවන්ට සහන සැලසීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් විසින් අඛණ්ඩ පරිත්‍යාග මාලාවක් හරහා ආධාර උපකාර සිදු කරන ලදී. 2020 දී කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, වසංගතයෙන්