𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සඳහා එකම විසඳුම පුනර්ජනනීය බලශක්තියයි

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සඳහා එකම විසඳුම පුනර්ජනනීය බලශක්තියයි

| | 0 Comments |

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙයට මූලිකම හේතුව වන්නේ  ශ්‍රී ලංකාව විදුලිබල උත්පාදනය සඳහා ආනයනය කරනු ලබන පොසිල ඉන්ධන මත දැඩි ලෙස යැපීමයි. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා වඩාත් තිරසර විසඳුම වනුයේ සුළං, සූර්ය, ජීව වායු සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය වෙත ප්‍රජාව යොමු කරවීම වන අතර, මේ ආකාරයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම ආර්ථිකමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් විශාල වාසි රැසක් ශ්‍රී ලංකාවට ගෙන එයි. 

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින විදේශ විනිමය සංචිත අර්බුධය හමුවේ පැන නැගී ඇති බලශක්ති අර්බුධයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු එකම උපායමාර්ගික විසඳුම වන්නේ බලශක්ති නිෂ්පාදනයේ ප්‍රධාන මූලාශ්‍රයයන් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීමයි.  ශ්‍රී ලංකාවේ ඇති ස්වභාවික සම්පත් භාවිතයෙන් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කළ හැකි අතර, මෙය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණපා සිටින අර්බුධ රැසකට සාර්ථක විසඳුමක් වනු ඇත. 

ගෝලීය වශයෙන් තෙල්, ගල් අඟුරු සහ ගෑස් මිල ඉහළ යමින් පවතින අතර, මෙවැනි වාතාවරණයක් තුළ පොසිල ඉන්ධන ආනයනය මත රඳා පවතින ශ්‍රී ලංකාව වැනි රටවලට පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන්ට විශාල වශයෙන් නිරාවරණය වීම තිරසාර ක්‍රියාවක් නොවේ. තව දුරටත් බලා නොසිට, දේශීය ආර්ථික සංවර්ධනය උදෙසා කඩිනමින්ම පුනර්ජනනීය බලශක්ති  ප්‍රභවයන් වෙත යොමිවීමේ දැඩි අවශ්‍යතාවක් වර්තමානයේ පවතී.

මේ පිළිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ  ජල විදුලි සංවර්ධකයන්ගේ සංගමයේ (Hydro Power Developers Association) හිටපු සභාපති රියාස් සංගානි මහතා මෙලෙස පවසා සිටියි. “පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කරන අපගේ ඉලක්කය වන්නේ රට තුළ පවතින බලශක්ති අර්බුදයෙන් මිදීමට රජයට සහ ජනතාවට උපකාර කිරීම. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ශ්‍රී ලංකාව වර්තමයේ මුහුණ දෙමින් පවතින ගැටලු රැසකට විසඳුම් සපයන අතරම , මෙහි සාර්ථකත්වය සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර පවතින අන්තර් සහයෝගය විශාල වශයෙන් වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්”.

 දැනට, පෞද්ගලික අංශය විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘති 294 ක් පමණ ආරම්භ කර ඇති අතර, මෙම ව්‍යාපෘතිවල ඒකාබද්ධ ධාරිතාව මෙගාවොට් (MW) 718.334 පමණ වේ. පුනර්ජනනීය බලශක්තියේ පුර්ණ ප්‍රතිලාභ රටට සැබෑ ලෙසම ලබා ගැනීමට නම් දැනට පවතින මුළු ව්‍යාපෘති සංඛ්‍යාව විශාල ලෙස වැඩි කළ යුතුයි.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ රජයේ අනුමත ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට වසර ගණනාවක් ගත වීමයි.  මෙම ක්‍රියාවලිය හැකිතාක් කාර්යක්ෂම ලෙස විධිමත් කර ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් විසින් සිය ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා ගමන් කරන මාර්ගය තුළ, විදුලිබල මණ්ඩලය තුළ අභියෝග රාශියකට මුහුණ දී ඇති අතර, එමඟින් අනුමැතිය මෙන්ම ජාල සම්බන්ධතා ප්‍රමාද වී ඇත. නිවැරදි දැනුම සහ ජාත්‍යන්තර හොඳම භාවිතයන් විදුලිබල මණ්ඩලයතුළ ස්ථාපනය කිරීම තුළින් මෙම ගැටළු විශාල දුරකට අවම වනු ඇත.  පුනර්ජනනීය බලශක්ති අංශයේ සාර්ථකත්වයට බාධාවක් වී ඇති තවත් කරුණක් වන්නේ එම අංශයට පනවා ඇති ආනයන සීමාවන් නිසා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම දුෂ්කර වී තිබීමයි. රටට ලැබෙන විශාල ආර්ථික ප්‍රතිලාභවලට අමතරව, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දේශගුණයට සහ පරිසරයට ප්‍රතිලාභ ලබා දෙයි.

ශ්‍රී ලංකාව සඳහා පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයෝජකයින් රැසක් සිටියි.  නමුත් ඔවුනට ආයෝජනය සඳහා සුදුසු පරිසරයක් අප සියලු පාර්ශවයන් එකට එක්ව නිර්මාණය කළ යුතුය.  මේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණපා සිටින ආර්ථික හා සමාජීය ගැටලු රැසක් සඳහා විසඳුම් නිර්මාණය වනු ඇත. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

மேம்பட்ட அனுபவத்தை வழங்க கொழும்பு வாடிக்கையாளர் சேவை மையத்தை மேம்படுத்தும் HUTCHமேம்பட்ட அனுபவத்தை வழங்க கொழும்பு வாடிக்கையாளர் சேவை மையத்தை மேம்படுத்தும் HUTCH

வாடிக்கையாளர்களுக்கு மேம்பட்ட அனுபவத்தை வழங்கும் முயற்சியின் ஓர் அங்கமாக, இலங்கையின் வேகமாக வளர்ச்சியடைந்து வரும் மொபைல் புரேட்பேண்ட் சேவை வழங்குனரான HUTCH, கொழும்பின் இதயப் பகுதியில் பம்பலபிட்டிய அலுவலகங்களில் அமைந்துள்ள தனது பிரதான வாடிக்கையாளர் சேவை மையத்தை அண்மையில் மேம்படுத்தியது. இந்த

விவசாய இரசாயனங்ளை தடை செய்வதற்கான அரசாங்கத்தின் முடிவை வரவேற்கும் Pelwatteவிவசாய இரசாயனங்ளை தடை செய்வதற்கான அரசாங்கத்தின் முடிவை வரவேற்கும் Pelwatte

அதன் அண்மைய சேதனப் பசளை தயாரிப்பு வரிசையின் மூலம் விவசாயிகளுக்கு உதவவும் உறுதிபூண்டுள்ளது இலங்கையின் பிரபல பாலுற்பத்தியாளரான Pelwatte Dairy, நாட்டில் ஆரோக்கியமான எதிர்கால தலைமுறையை உருவாக்கும் பொருட்டு அடுத்த பெரும் போகத்திலிருந்து இரசாயன உரங்களை தடை செய்வதற்கான அரசாங்கத்தின் நடவடிக்கையை