𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ඩීමෝ, දඹුල්ල කෘෂි තාක්ෂණික උද්‍යානය සමග කෘෂි සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙයි

ඩීමෝ, දඹුල්ල කෘෂි තාක්ෂණික උද්‍යානය සමග කෘෂි සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙයි

| | 0 Comments |

ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි.

DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන යන අතරතුර, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගනිමින්, බීජ නිෂ්පාදනය, ගොවීන් දැනුවත් කිරීම හා පුහුණු ක්‍රියාකාරකම්ද  එමගින් සිදු කරනු ලැබේ.

මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන මගින්, ගොවිතැන් පිළිබද උනන්දුවක් දක්වන සංචාරකයින් ඉලක්ක කර කෘෂි සංචාරක ක්ෂේත්‍රයට යොමු වීමට සමාගම අපේක්ෂා කරයි. ඒ අනුව, සංචාරකයින් හට මෙම කෘෂි තාක්ෂණික උද්‍යානයන්හි පිහිටා ඇති සුඛෝපභෝගී කබානාවල හෝ නිවාඩු නිකේතනවල රැඳී සිටින අතරතුර, රටේ කෘෂිකාර්මික ජීවන රටාව පිළිබඳ දැනුමක් හා අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසමින් මෙම කෘෂි උද්‍යාන පවත්වාගෙන යාමට අදහස් කර තිබේ. සමාගම මෑතකදී, දඹුල්ලේ පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානය තුළ  සුඛෝපභෝගී සංචාරක කුටි දෙකක් නිල වශයෙන් විවෘත කළ අතර, එහි කටයුතු නොබෝ දිනකින්ම ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.

“කෘෂි සංචාරක ව්‍යාපාරය ඉතාමත් පුළුල් ක්ෂේත්‍රයක් වන අතර එම ක්ෂේත්‍රයට පිවිසීම සඳහා අප තැබූ මුල්ම පියවර මෙයයි. මෙම ව්‍යපෘතිය දඹුල්ලේ පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේ පිහිටුවීමට හේතුව වන්නේ, එය උසස් කෘෂි තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වන අතරම සංචාරකයින් හට කෘෂි කර්මාන්තය සම්බන්ධ සැබෑ අත්දැකීමක් විඳ ගැනීම සඳහා ඉවහල් වන ඉතාමත් අලංකාර භූමි ප්‍රදේශයක එය පිහිටා තිබීමයි.” යනුවෙන් ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

මෙම කෘෂි තාක්ෂණික උද්‍යානය පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ මෙවැන්නකි. “රටක අනාගත සංචාරක කර්මාන්තය සඳහා කෘෂි සංචාරක ක්ෂේත්‍රය ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසාම වර්තමානය වන විට ලොව බොහෝ රටවල් ඒ පිළිබඳව විශාල අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවත් එලෙස කෘෂි සංචාරක ව්‍යාපාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව අපගේ අදහසයි. මෙවැනි කාර්යයන් සමාගම්වල ලාභය කෙරෙහිද ධනාත්මක බලපෑමක් ඇති කරන බැවින්  ඩීමෝ මෙම අංශය වෙත පියවර තැබීම සතුටට කාරණයක්.” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

ඩීමෝ හි අධ්‍යක්ෂ අසංග රණසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය.”මෙය ඩීමෝ සමාගමට සුවිශේෂී සන්ධිස්ථානයක්. අපි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ක්‍රියාශීලී ගමනක නිරතව සිටින අතර, මෙම ව්‍යාපෘතිය මගින් විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බව අපට විශ්වාසයි. එමෙන්ම ළඟදිම අපි කෘෂි නිෂ්පාදන වෙළඳපොළ තුළට පිවිසීමටත්, රටේ ප්‍රධාන ප්‍රදේශයන්හි මීට සමාන කෘෂි තාක්ෂණික උද්‍යාන පිහිටුවීමටත් බලාපොරොත්තු වෙනවා.” ඔහු සඳහන් කළේය.

ඩීමෝ හි කෘෂි කාර්මික විශේෂ ව්‍යාපෘති පිළිබඳ සාමාන්‍යධිකාරී, ප්‍රියාංග දෙමටාව මහතා සඳහන් කළේ මෙවැන්නකි.  “දඹුල්ල කෘෂි තාක්ෂණික උද්‍යානය ඩීමෝ මගින් පවත්වාගෙන යන කෘෂි තාක්ෂණික උද්‍යානවලින් පළමුවැන්නයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහ  බීජ පර්යේෂණය, (දේශීය/ ආනයනික/ විවෘත/ පරාගිත හා දෙමුහුන්)  බෝග ආරක්ෂණය සහ කෘෂිකර්මාන්තයට අදාළ වෙනත් පර්යේෂණ මෙමගින් සිදු කෙරෙනවා. එමෙන්ම මෙම මධ්‍යස්ථානය හරිතාගාරවලින්, වගා උමංවලින්, එළවළු බීජ තාක්ෂණ ඒකකයකින් සහ පලතුරු වතුවලින් සමන්විත උසස් තාක්ෂණික ආදර්ශ ගොවිපොළකින්ද යුක්ත වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ඊළඟ මට්ටම දක්වා ගෙන යාමට අපට හැකියි. මෙම කෘෂි තාක්ෂණික උද්‍යානයේ සඳහා ඉදිකළ සුඛෝපභෝගී කුටි දෙක සංචාරකයින් සඳහා විවෘත කිරීමෙන් පසු ඕනෑම කෙනෙකුට එහි මෙම කුටි වෙන් කර ගත හැකි අතර එමගින් කෘෂි කර්මාන්තය සම්බන්ධ සැබෑ අත්දැකීමක් ලබා ගැනීමටද හැකියි. සංචාරකයින්ට එහිදී නවීන හා සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ඉගෙන ගන්නා අතරතුර කෘෂි කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන නාගරික පිරිසට ශාක හා බීජ රෝපණාගාරයන්හි මෙන්ම, එළවළු ගොවිපලවල් සහ පලතුරු උයන්වල අසිරිය භුක්ති විඳීමටත් හැකියි.”

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර 30 ක භූමි භාගයක් ආවරණය වන පරිදි මෙම කෘෂි තාක්ෂණික උද්‍යානය පිහිටා තිබේ. මෙම මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික භාවිතයන්, අධ්‍යාපන, තාක්ෂණ සහ පර්යේෂණ සම්බන්ධ නවෝත්පාදන ජාලය වැඩි දියුණු කිරීම සඳහා සුවිශාල කාර්ය භාරයක් සිදු කෙරේ. එමෙන්ම ශාක නිෂ්පාදනය කෘෂි ව්‍යාපාර සහ තාක්ෂණික සංවර්ධනය යන ක්ෂේත්‍රයන්ට අදාළව දැනුම එක්රැස් කරමින්, කෘෂි ක්ෂේත්‍රයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙසින්ද ක්‍රියා කරමින් ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු කිරීම සඳහාද පහසුකම් සපයයි. මෙම මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති එළවළු හා පලතුරු පැල සිටුවීමේ ද්‍රව්‍ය සපයන මධ්‍යස්ථානයක් හා ගොවීන්ට දැනුම බෙදා දෙන මධ්‍යස්ථානයක් ලෙසින්ද පවත්වාගෙන යාමට නියමිතය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය නැවතත් ශ්‍රී ලංකාවේබිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය නැවතත් ශ්‍රී ලංකාවේ

2021 මැයි 5 සිට අඛණ්ඩව දින අටක් ඔන්ලයින් ක්‍රමයට! පොත් ලෝලීන් අතර වඩාත් කතා බහට ලක් වන ලෝකයේ විශාලතම පොත් අලෙවිය  වන බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවිය මැයි 5

கிறிஸ்மஸ் உணர்வைத் தூண்டும் பெல்வத்தையின் ஆக்கபூர்வமான சமையல் போட்டி!கிறிஸ்மஸ் உணர்வைத் தூண்டும் பெல்வத்தையின் ஆக்கபூர்வமான சமையல் போட்டி!

உள்நாட்டில் தயாரிக்கப்பட்டு வரும் முன்னணி பால் உற்பத்தியாளரும், ஒவ்வொரு இலங்கையருக்கும் நன்கு பரீட்சயமான பெயரான Pelwatte Dairy Industries, மகிழ்ச்சியான, வண்ணமயமான, சுவையான நத்தாரைக் கொண்டாடும் வகையில், கடந்த டிசம்பர் மாதத்தில் சமையல் போட்டியொன்றை நடாத்தியிருந்தது. அதன் பெறுமதிமிக்க வாடிக்கையாளர்களிடையே “Most

SWADESHI BRAND PRODUCTS – SWADESHI KHOMBA, RANI SANDALWOOD AND SWADESHI KHOMBA BABY SOAP, RECEIVE VEGETARIAN SOCIETY ACCREDITATIONSWADESHI BRAND PRODUCTS – SWADESHI KHOMBA, RANI SANDALWOOD AND SWADESHI KHOMBA BABY SOAP, RECEIVE VEGETARIAN SOCIETY ACCREDITATION

Thursday 13th January, Colombo: Sri Lanka’s largest manufacturer and marketer of herbal personal care products for over 80 years, Swadeshi Industrial Works PLC brand products received the Vegetarian Society accreditation