𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz DIMO විසින් ශ්රී ලංකේය පෞරාණිකත්වය, නූතන සමාජයට ප්රදර්ශනය කරමින් 2022 දින දර්ශනය එළිදක්වයි

DIMO විසින් ශ්රී ලංකේය පෞරාණිකත්වය, නූතන සමාජයට ප්රදර්ශනය කරමින් 2022 දින දර්ශනය එළිදක්වයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ශ්‍රී ලංකාවේ වඩාත් ඓතිහාසික සහ වැදගත් ජයග්‍රහණ කිහිපයක් නිරූපණය කරන 2022 ආයතනික දින දර්ශනය හඳුන්වා දෙන ලදී. DIMO 2022 ආයතනික දින දර්ශනය ශ්‍රී ලංකාවේ පැරණි කීර්තිමත් අවස්ථා කිහිපයක රූපමය ප්‍රතිනිර්මාණයක් වන අතරම ශ්‍රී ලංකාවේ ජවසම්පන්න අතීතය ද මෙමගින් පිලිබිඹු වේ.

සිහින හා අභිලාෂයන් බලගැන්වීමෙහිලා, DIMO විසින් වසර දහස් ගණනක් පුරා විසිරී ඇති ශ්‍රී ලංකාවේ පොහොසත් උරුමය ප්‍රදර්ශනය කිරීම මෙයින් අරමුණු කරයි.එය ඉතා නවීන හා සංස්කෘතිකමය වශයෙන් දියුණු  රටක සාක්ෂියක් ලෙස හදුනා ගත හැකිය. ශ්‍රී ලංකාව වනාහි විශ්මය දනවන තාක්‍ෂණ ආශ්චර්යයකින් යුතු ලොව පුරා රටවල් සමඟ වෙළඳාම් කර ඇති ස්වකීය සංස්කෘතියෙන් පෝෂණය වන අසමසම,අද්විතීය රටක් ලෙස අතීතයේ සිටම  හදුනා ගෙන ඇත.

DIMO 2022 ආයතනික දින දර්ශනය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ, “අපේ ජාතියේ බොහෝ ඓතිහාසික සහ වැදගත් ජයග්‍රහණ පිළිබඳව රටේ ඉදිරි පරම්පරාව දැනුවත් කිරීම අපගේ පරම වගකීමක් බව DIMO විශ්වාස කරනවා. මෙම ඓතිහාසික සිදුවීම් මහජනතාවට හඳුන්වා දීමටත්, මෙමගින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

DIMO 2022 ආයතනික දින දර්ශනය හරහා ශ්‍රී ලාංකේය ඉතිහාසය සහ පැරණි ජීවන රටාව ප්‍රතිනිර්මාණය කිරීමේ පුර්ණ ගෞරවය  ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික කලාකරුවෙකු වන ප්‍රසන්න වීරක්කොඩි මහතාට හිමි විය යුතුය.

DIMO 2022 ආයතනික දින දර්ශනයේ රූපමය නිරූපණයන් අතරට කාශ්‍යප රජු සහ සීගිරි සිංහ ද්වාරය (මහා සම්ප්‍රදායික මූර්ති සහ චිත්‍ර), මහතොට (මා-තොට), මන්නාරමේ ස්වභාවික වරාය, මහසෙන් රජු සහ වැවු ඉදිකිරීම (මහා වාරිමාර්ග කටයුතු) ආදිය ඇතුළත් වේ. පළමුවන පරාක්‍රමබාහු රජු සහ නාවික හමුදාව (පුරාණ ශ්‍රී ලංකාවේ මුහුදු ගමන්), මා තුල අළුලෙණ  – ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම  (ශාස්ත්‍රීය කෘති) සහ ශ්‍රී ලංකාවේ තවත් බොහෝ ඓතිහාසික හා වැදගත් ජයග්‍රහණ රැසක් මෙහි නිරුපණය වේ.

Sarva Colombo විසින් අඛණ්ඩව වසර දහයක් තිස්සේ DIMO ආයතනික දින දර්ශනය නිර්මාණය කරන අතර අද එය ශ්‍රී ලංකාවේ වඩාත්ම තොරතුරුමය සහ  දෘශ්‍යමය වශයෙන් ආකර්ශනීය  දින දර්ශනය ලෙස සැලකේ. කාලයාගේ ඇවෑමෙන් අහිමි වූ පැරණි ශ්‍රී ලාංකීය ඉතිහාසය සහ තාක්‍ෂණය වෙත දෘශ්‍ය හා අධ්‍යාපනික අවබෝධයක් ලබාදීම මෙම දින දර්ශනයේ අරමුණයි. 2022 වසර සදහා වන මෙම දින දර්ශනය “ජාතියක අභිමානය” යන තේමාව මුලික කර ගනිමින් නිර්මාණය කරනු ලැබූවකි.

අපගේ ප්‍රෞඪ ඉතිහාසය මතු පරපුරට විදහා දැක්‌වීමට නව තාක්‍ෂණය සහ නිර්මාණශීලීත්වය සමඟින් එම අවස්ථා වර්ණවත් කිරීමට දැන් හොඳම කාලය වන අතර මේ සදහා DIMO  2022 ආයතනික දින දර්ශනය කදිම නිදසුනක් වනු ඇත. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

மாதவிடாய் ஏழ்மையை ஒழிக்கும் பயணத்தின் முதல் ஆண்டைக் கொண்டாடுகிறது Fems AYAமாதவிடாய் ஏழ்மையை ஒழிக்கும் பயணத்தின் முதல் ஆண்டைக் கொண்டாடுகிறது Fems AYA

Fems Aya திட்டமானது, Hemas Consumer Brands இனது பெண்களுக்கான சுகாதார பராமரிப்பு வர்த்தகநாமமான Fems இன் தேசிய அளவிலான முன்முயற்சியாகும். மாதவிடாய் சுகாதாரம் மற்றும் குறைந்த விலையிலான உயர்தர ஆரோக்கிய துவாய்களுக்கான சமமான அணுகலை வழங்குவதன் மூலம், மக்களிடையேயும் சமூகங்களிடையேயும்