𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා සිංගර් පෙරමුණ ගනී

ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා සිංගර් පෙරමුණ ගනී

| | 0 Comments |

ඕසෝන් ස්ථරය, සූර්යයාගේ හානිකර කිරණ වලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන් සඳහා ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කරයි. ඕසෝන් ස්ථරය මානව පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වීම මෑත අතීතයේ දී බොහෝ කතාබහට ලක් වූ මාතෘකාවක් වූ අතර අනාගත පරපුර සඳහා එය ආරක්‍ෂා කිරීම සඳහා මේ වන විටත් බොහෝ පියවර ගෙන ඇත. 1994 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1987 මොන්ට්‍රියෙල් ප්‍රොටොකෝලය හා ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා වූ වියානා සම්මුතියට අනුකූලව ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස සැප්තැම්බර් 16 දින ප්‍රකාශයට පත් කරන ලදී.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජාතික ඕසෝන් ඒකකයේ ගුවන් සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ රිෆා වඩූඩ් මහතා පැවසුවේ, “ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය සඳහා වන මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලයේ 5 වන වගන්තියට අනුව මේ වන විටත් ශ්‍රී ලංකාව සාර්ථක ලෙස ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (CFC) ඉවත් කර ඇති අතර හයිඩ්රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් (HCFC) සහ හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFC) ඉවත් කිරීමට කැපවී සිටී. ඉතා ඉක්මනින් වෙනස් වන දේශගුණයක් සහිත රටක් වශයෙන් මෙවැනි ගෝලීය දේශගුණික විපර්යාසයන්ට අපි දැඩි ලෙස ගොදුරු විය හැකිය. ඕසෝන් ස්ථරය ක්ෂය වීම සහ HFC භාවිතය හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යමින් පවතින මෙවැනි සමයක, තම නිෂ්පාදන සහ පරිභෝජන කටයුතු සඳහා පරිසර හානි අවම වන විකල්පයන් පමණක් තෝරාගන්නා ලෙස සමාගම් ඇතුළු සියළුම පාර්ශවකරුවන්ගෙන් මම ඉල්ලා සිටිමි” යනුවෙනි.

2021 ලෝක ඕසෝන් දිනයේ තේමාව නම් ‘’Montreal Protocol: Keeping Us, Our Food and Vaccines Cool’ යන්නයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් එකට වැඩ කිරීමේ ජයග්‍රහණය අපි මෙම දිනයේදී සමරමු. අපි ගෝලීයව සිතමු සහ දේශීයව කටයුතු කරමු! ”ඔහු තවදුරටත් පවසා සිටියේය.

පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, මෙම බරපතල ගැටලුවට විසඳුමක් ලෙස 2012 වසරේදී R600a ශිතකාරකය  හඳුන්වා දෙන ලදී.  මෙම නවොත්පාදනයත් සමඟ ශීතකරණ නිෂ්පාදන ක්‍රියාවලියේදී R600a තාක්‍ෂණය භාවිතා කරන දකුණු ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට සිංගර් පත් විය. සියලුම ශීතකරණ සඳහා R600a ශිතකාරක යොදා ගැනීමට අප ගත් උත්සාහය නිසා සමස්ත ශ්‍රී ලාංකික ශීතකරණ වෙළඳපොළද  ඕසෝන් ස්ථරයට බලපෑමක් ඇති කරන  ශිතකාරක භාවිතය ශුන්‍ය කරමින් මුළු කර්මාන්තයම ඊට අනුගතවීම සිදු විය. මේ දක්වා සිංගර්හි R600a ශිතකාරක අඩංගු ශීතකරණ ඒකක 1.25Mn ට වඩා සාර්ථක ලෙස අලෙවි වී ඇති අතර එමඟින් වූ මුළු බලශක්ති ඉතිරිය 1.3Bn kWh වේ.  ඕසෝන් ස්ථරය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලාංකික සමාගමක් සපයන ප්‍රමුඛ දායකත්වයක් ලෙස R600a ශිතකාරක හඳුන්වාදිය හැක. CFC වායුවට සාපේක්ෂව R600a වායුවේ ඇති ප්‍රතිලාභ හඳුනාගත් සිංගර් සිය R600a ශිතකාරක පරාසය දිගින් දිගටම පුළුල් කළේය.

උසස් තත්වයේ R600a ශිතකාරක නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අති නවීන ශීතකරණ නිෂ්පාදන පහසුකම් සිංගර් සතුව ඇත. අඩු බලශක්ති පරිභෝජනයක් සහිත සිංගර්  R600a ශිතකාරක මඟින් විදුලි බිල සඳහා වැය වන සැලකිය යුතු මුදලක් ඉතිරි කරන අතර R600a ශිතකාරක පරිසර හිතකාමී වන බැවින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා ද කදිම විසඳුමකි.

ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ .” ජාත්‍යන්තර ඕසෝන් දිනය සමරන අද වැනි දවසක පරිසරය සුරැකීම කෙරෙහි අප සැමගේ අවධානය යොමු විය යුතු කාලය පැමිණ තිබේ. ස්වාභාවික විපත්, පරිසර දූෂණය සහ ඕසෝන් ස්ථරයට ඇති බලපෑම අවම කරමින් මෙම ගැටලු විසඳීම සඳහා අප සැමගේ සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය වේ. සිංගර් විසින් අලෙවි කරන ශීතකරණ 100% ක්ම පරිසර හිතකාමී ඕසෝන් ස්ථරයට බලපෑමක් නොවන වායූන්ගෙන් සමන්විත වීම ගැන මම ආඩම්බර වෙනවා.  සිංගර්, පරිසර හිතකාමී සමාගමක් වීම නිසා සමස්ත පරිසරය සුරැකීමට දායක වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී.” යනුවෙනි.

හරිත සංකල්ප වෙනුවෙන්  අඛණ්ඩ උත්සාහයක යෙදී සිටින සිංගර්, ඕසෝන් ස්ථරය ක්ෂය වීම අවම කිරීම සහ පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා වගකීමෙන් කටයුතු  කළයුතු ආකාරය පිලිබඳ පුද්ගලයින් දැනුවත් කරමින් සිටී. පරිසරයට මෙන්ම පාරිභෝගිකයාටද හිතකර පරිසර හිතකාමී නිෂ්පාදන බුද්ධිමත්ව තෝරා ගැනීමට සිංගර් මහජනතාවට ආරාධනා කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

VMware Sharpens Focus on Asia’s Emerging Digital Economies with Appointment of New Regional Head for Nascent Markets and VietnamVMware Sharpens Focus on Asia’s Emerging Digital Economies with Appointment of New Regional Head for Nascent Markets and Vietnam

Appointment strengthens VMware’s ability to deliver innovations that accelerate the cloud and digital transformation journeys for organizations in the dynamic and fast-growing region VMware, Inc. (NYSE: VMW), a leading innovator

ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වමින් කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ ජාතික ව්‍යාපෘතිය දියත් කරයිශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වමින් කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ ජාතික ව්‍යාපෘතිය දියත් කරයි

ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වී ඇති සුවහසක්‌ කාන්තාවන් වෙනුවෙන්  ස්වභාවික හිසකෙස් පළඳනා පරිත්‍යාග කිරීමේ “සොඳුරු දිරියවන්ති”  ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා