𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz DIMO පිරිනමන PESHA පාඨමාලාව සදහා IHK ජර්මනිය සහ AHK ශ්‍රී ලංකාවෙහි අනුමැතිය ලැබේ.

DIMO පිරිනමන PESHA පාඨමාලාව සදහා IHK ජර්මනිය සහ AHK ශ්‍රී ලංකාවෙහි අනුමැතිය ලැබේ.

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි  තාක්ෂණික නිපුණතා ඇකඩමිය (DATS) විසින් පිරිනමනු ලබන “Plant Engineering for Sanitary Heating and Air Conditioning”  (PESHA)  ඩිප්ලෝමාව ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (IHK) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK ශ්‍රී ලංකා) මගින්  A කාණ්ඩයේ විදේශයන්හි ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස අනුමත කර ඇත.

IHK නියුරම්බර්ග් යනු ජර්මනියේ වාණිජ හා කර්මාන්ත ජාල 79 කින් එක් කොටසක් වන අතර මෙහි පරමාර්ථය වන්නේ ව්‍යාපාර සහ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම,තත්ත්ව ප්‍රමිතීන් සහතික කිරීම සහ ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණුව සහතික කිරීම ය. AHK ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාවේ ජර්මානු IHK ජාලයේ නියෝජිත ආයතනය ලෙස, PESHA පාඨමාලාවේ තත්ත්ව සහතික කිරීම, විභාග ක්‍රියා පටිපාටිය සහ සහතික කිරීම් සඳහා වගකීම දරයි. IHK සහ AHK ශ්‍රී ලංකා සහතිකය මගින් මෙම පාඨමාලා කාලසීමාව, අන්තර්ගතය සහ මෙහි විභාග ජර්මානු ප්‍රමිතීන්ට අනුකූල බවට සහතික කරයි. මෙම නවතම පිළිගැනීම සමඟින්,අනාගතයේදී PESHA සිසුන් සඳහා ගොඩනැගිලි කළමනාකරණ අංශයේ විවිධ රැකියා අවස්ථා විවෘත වේ.

DIMO හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “DIMO සෑම විටම රටේ තරුණ තරුණියන්ගේ සිහින සහ අපේක්ෂාවන් බලගැන්වීම   වෙනුවෙන් පෙනී සිටිනවා.වෘත්තීය අධ්‍යාපනය උදෙසා මාවත විවර කර දීම  DIMO හි තිරසාර න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධාන අංගයන්ගෙන්  එකකි.රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරනවා. ඒ වගේම වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් රට තුළ වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට DIMO නිරතුරු වෙහෙසෙනවා.”

PESHA පාඨමාලාව විදුලි කාර්මික උපකරණ,ජලනල, ගොඩනැගිලි තුල ගිනි නිවීමේ උපකරණ , වායු සමීකරණය, ඒකාබද්ධ ගොඩනැගිලි කළමනාකරණ පද්ධති සහ සූර්ය බල පැනල වැනි නවීන ගොඩනැඟිලි අංග ආදී සියල්ලම  ආවරණය කරයි. ජර්මනියේ රැකියා අපේක්ෂා කරන දේශීය සිසුන්ට මෙම ඩිප්ලෝමා සහතිකය හරහා ජර්මානු භාෂා පාඨමාලාවක් ද පිරිනමනු ලබයි. ගොඩනැගිලි කළමනාකරණ පද්ධති අංශය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ලොව පුරා රැකියා අවස්ථා නිර්මාණය  වෙමින් පවතින අතර  PESHA වැනි පාඨමාලා සදහා වැඩි නැඹුරුවක් ද පෙන්නුම් කරයි.

DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ, ප්‍රායෝගික වෘත්තීය පුහුණුව සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීමට ලැබීම ගැන AHK ශ්‍රී ලංකා ඉතා සතුටට පත් වෙනවා. AHK ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ප්‍රධානී ජෝශප් ෂෝප් මහතා පැවසීය.

PESHA පාඨමාලා අන්තර්ගතය යන්ත්‍ර සැකසීම, උපකරණ නඩත්තු කිරීම, තාක්ෂණික පහසුකම්,පද්ධති නඩත්තු කිරීම ඇතුළු පුළුල් පරාසයක විහිදී යයි. PESHA සහ DATS පිළිබඳ වැඩි විස්තර dimoacademy.lk.වෙතින් ලබා ගත හැක.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

இலங்கையில் மாதவிடாய் ஏழ்மையை எதிர்த்துப் போராட மற்றொரு பாரிய முன்னெடுப்பை மேற்கொள்ளும் Femsஇலங்கையில் மாதவிடாய் ஏழ்மையை எதிர்த்துப் போராட மற்றொரு பாரிய முன்னெடுப்பை மேற்கொள்ளும் Fems

தற்போதைய சூழலில் பெண்கள் அன்றாட வேலைகள் மற்றும் வேலைவாய்ப்பு மற்றும் குடும்பப் பொறுப்புகள் உள்ளிட்ட அதிக பொறுப்புகள் காரணமாக, முன்னெப்போதையும் விட மிக வேலைப்பளு கொண்டவர்களாக இருக்கின்றனர் என்பதில் ஆச்சரியமில்லை. வேலைப்பளுவுக்கு மத்தியிலும் பல பெண்கள் தங்கள் உடல்நலம் மற்றும் சுகாதாரத்திற்கு