𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.

එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.

| | 0 Comments |

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී.

නිවේදනයක් නිකුත් කරමින් හච් පවසා සිටියේ, මේ වනතුරු තම එටිසලාට් සිම්පත් යාවත්කාලීන කර නොගත් පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි 4000කට අධික සේවා මධ්‍යස්ථාන හරහා තම සිම්පත 072 නව හච් සිම්පතකට ඉතා පහසුවෙන් යාවත්කාලීන කරගත හැකි බවයි.

තවද දුරකථන ඇමතුමකින් හෝ ඔන්ලයින් හරහා ඇනවුම් කිරීම මගින් දින 3ත් 5ත් අතර කාලයකදී නව සිම්පත් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමද හච් විසින් තම පාරිභෝගිකයින්ට සලසා දී ඇත. මෙම සෑම යාවත්කාලීන කිරීමකටම රු. 500ක බෝනස් දීමනාවක් හිමිවන අතර එය ඇමතුම්, Data සහ SMS සඳහා දින 7ක කාලයක් භාවිතා කළහැක.

මේ තුලින් හච්, තම 072 සහ 078 පාරිභෝගිකයින් ද්විත්වයම ඒකාබද්ධ සේවා පද්ධතියක් යටතට ගෙන ඒමට සමත්වන  අතර නවතම SMART අත්දැකීම තුළින් ඔවුන් සියලු දෙනාටම සමාන ප්‍රතිලාභයන් ද හිමිකර දීමට බලාපොරොත්තු වේ.

හච්හි “Yanko! Vango! Let’s Go Smart with HUTCH”යන අත්දැකීම ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට SMARTලෙස සිතමින්, SMART ලෙස කටයුතු කිරීමට දිරිදෙන නවතම මුලපිරීමකි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

எங்கள் வாழ்வில் உள்ள அனைத்து தாய்மார்களையும் கொண்டாடுதல்எங்கள் வாழ்வில் உள்ள அனைத்து தாய்மார்களையும் கொண்டாடுதல்

உலகெங்கிலும் உள்ள தாய்மார்கள், தாய்மை, தாய்வழி பிணைப்புகள் மற்றும் சமூகத்தில் தாய்மார்களின் செல்வாக்கினை கௌரவிப்பதற்காக ஒவ்வொரு ஆண்டும் மே மாதத்தின் இரண்டாவது ஞாயிற்றுக்கிழமை சர்வதேச அன்னையர் தினம் கொண்டாடப்படுகின்றது.  தாய்மார்கள் நம் வாழ்வில் மிகவும் முக்கிய பங்கினை வகிப்பதுடன்,  அவர்கள் ஒவ்வொரு

ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.

Global Solutions යනු අක්ක‌රේපත්තුව පදනම් කරගත් Event Management සමාගමක් වන අතර ඔවුන් පසුගියදා සිය නව ව්‍යාපාර අංශයක් ද ආරම්භ කරමින් සිය නැවුම් පලතුරු යුෂ, කෝඩියල් සහ බීම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා