𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz අබාන්ස් Cleantech අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සම්මාන ලබයි.

අබාන්ස් Cleantech අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සම්මාන ලබයි.

| | 0 Comments |

අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමේ සමාගමක් ලෙස 2002 වසරේදී පිහිටුවන Cleantech සමාගම පෑලියගොඩ නව මැනිං වෙළඳ පොලේ සිදු කරන අපද්‍රවය කළමනාකරණ සේවා වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

Cleantech සමාගම සමස්තයක් ලෙස ගත් කල මැනිං වෙළඳ පොල පිරිසිදු කිරීමේ සේවාවේ සිට අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සඳහාත් සනීපාරක්ෂාව හා  පිරිසිදුකම පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීම සදහා කටයුතු කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ ද එක්ව වෙළඳ පොළ ප්‍රජාව අතර පාරිසරික දැනුවත් භාවය සහ සංරක්ෂණය පිළිබඳ ගුණාත්මක සංස්කෘතියක් ගොඩ නැංවීමට කටයුතු කරමින් සිටී.

Cleantech සහ නාගරික සංවර්ධන අධිකාරියෙහි මෙම හවුල්කාරිත්වයේ මූලික පරමාර්ථය වන්නේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ උපදෙස් පරිදි අවසාන වශයෙන් මැනිං වෙළඳපොලේ  අපද්‍රවය බැහැර කිරීම අවම කර වීමයි. ඒ අනුව අපද්‍රවය බැහැර කිරීමේ විකල්ප මාධ්‍ය ලෙස කොම්පෝස්ට් නිෂ්පාදනය සහ ජෛව වායු උත්පාදනය වැනි ව්‍යාපෘතීන් කිහිපයක් පිළිබඳව  ගවේෂණය කරමින් ඇත.

 Cleantech සමාගමේ ප්‍රධාන කළමනාකාර එම්.පී.ජේ. සෙනෙවිරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අප විසින් දැනටමත් සංරක්ෂණය සහ අපද්‍රව්‍ය වර්ගීකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පත්‍රිකා මගින්, වීදි නාට්‍ය මගින් සහ  දැනුවත් කිරීම් වැඩසටහන් කිහිපයක් පවත්වා ඇති අතර අපගේ මෙහෙයුම් අපද්‍රවය අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම වැනි සංකල්ප ඔස්සේ නවීකරණය කරමින් පවතී. මෙම​ උත්සාහයේ දී, කාබනික සහ සත්ව අපද්‍රව්‍ය යොදා ගෙන ජීව වායුව නිෂ්පාදනය කිරීම සදහා සහ කොම්පෝස්ට් සෑදීම සදහා පියවර  ගෙන ඇති අතර වර්මිකොම්පෝස්ට්, සත්ව ආහාර නිෂ්පාදනය යනාදිය සඳහා ද පියවර ගෙන තිබෙනවා.”

Cleantech සමාගම විසින් නව මැනිං වෙළඳ පොලෙහි සමස්ත පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ඇතුළු එහි කාණු පද්ධතිය, හරිත කලාප ඇතුළු මාර්ග සහ රථගාල, ආපනශාලාව, විවේකාගාර සහ වෙනත් පොදු ස්ථාන පිරිසිදු කිරීම මෙන්ම අපද්‍රවය වර්ගීකරණය සහ නිසි ලෙස බැහැර කිරීමේ පිළිවෙත් බලාත්මක කරනු ලබයි. මෙම ක්‍රියාවලිය මගින් අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සහ වෙළද ප්‍රජාවට සහ ගනුදෙනුකරුවන්ට ප්‍රසන්න වාතාවරණයක් පවත්වා ගැනීම මෙන්ම රෝග පැතිරීම වැළැක්වීම ද  Cleantech සමාගමේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාවට කුඩා ස්වීපර් සහ ස්ප්ලිට් කොම්පැක්ටර් වැනි උසස් යන්ත්‍රෝපකරණ හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව Cleantech සමාගම නිහතමානිව ආඩම්බරයට පත්වේ. එහිදී එකවර දිරාපත්වන කසළ සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමට ඉඩ සලසන ද්විත්ව කුටි මගින් එක් නිවසකට සිදු කෙරෙන සංචාර ගණන අඩු කිරීමත් එමගින් නිරෝධායන ක්‍රියාවලියට බඳුන් වී ඇති නිවෙස්වලට ඇති විය හැකි බාධාවන් අවම කිරීමටත් අවස්ථාව සැලසේ.

බොහෝ විට මාර්ග තදබදය වළක්වා ගැනීම සඳහා ස්විපර් යන්ත්‍රවලින් මාර්ග පිරිසිදු කිරීම සිදුවන්නේ රාත්‍රියේදී වුවද මෙම යන්ත්‍රවලින් මාර්ගවල ගමනාගමනය සිදුවන අවස්ථාවේදී පවා ඊට බාධාවක් නොවන අන්දමින් සූක්ෂමව ක්‍රියාත්මක කරවීමට හැකිය. එම නිසා දහවල් කාලයේදීද මාර්ග අතුගෑම සඳහා බහුලව භාවිත කෙරේ. මීට අමතරව, සියළුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සම්පූර්ණ පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල නිකුත් කර ඇති අතර සෑම විටම කොළඹ මහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය හිමිවේ.

Cleantech  සමාගම සතුව පර්යේෂණාත්මක අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් කළමනාකරණය හා සැපයීම පිළිබඳ දිගු කාලින අත්දැකීම් ඇත. එම අත්දැකීම් පාරිසරික ආරක්ෂණ සමඟ ප්‍රතිචක්‍රීකරණය, සනීපාරක්ෂාව, විද්‍යුත් අපද්‍රව්‍ය සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි අංශ කිහිපයකට පුරා විහිදී ඇති අතර එමගින් සමාගම විශිෂ්ඨ සන්ධිස්ථාන රාශියක් හිමි කර ගෙන ඇත. අද වන විට Cleantech යනු අපද්‍රව්‍ය කළමනාකරණයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන අතර එහි සාමාජිකයින් 1800 කට අධික සංඛ්‍යාවක් සිටී. එමෙන්ම  පාරිසරික විශේෂඥයින්, පාරිසරික ඉංජිනේරුවන්, විවිධ කාර්යයන්හි විශේෂිත කාර්ය මණ්ඩලය සහ පුහුණු ශ්‍රමිකයන් ද ඇතුළුව වාහන 150 ක් සහිතව  පහසුකම් පුළුල් කර ඇත.

වසර ගණනාවක් පුරා රජයේ ආයතන, මහ නගර සභා, පෞද්ගලික ආයතන සහ වෙනත් විදේශ ව්‍යාපාර සමඟ  පවතින අඛණ්ඩ සහයෝගිතාවයත්  ගුණාත්මකභාවයත් සමාගමේ සේවය සහ පළපුරුද්ද පිළිබඳ හොඳම සහතිකයයි. ඒ අනුව සමාගම විසින් වාර්ෂිකව අපද්‍රව්‍ය ටොන් 150,000 ක් සහ දිරාපත් වන අපද්‍රව්‍ය ටොන් 102,200 ක් පමණ මේ වන විට හසුරුවනු ලැබේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

රෙදි සෝදන යන්ත්‍ර දිනාගැනීමට අවස්ථාව සලසා දුන් “Diva Power Washing විප්ලවය”රෙදි සෝදන යන්ත්‍ර දිනාගැනීමට අවස්ථාව සලසා දුන් “Diva Power Washing විප්ලවය”

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි

පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය තිරසාර ලෙස ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි.පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය තිරසාර ලෙස ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි.

කිරි නිෂ්පාදන රාශියක් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ඉහළ යන වෙළද ඉල්ලුමට සරිලන සේ ඉහළම

British Council සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට සැරසෙයිBritish Council සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට සැරසෙයි

British Council ආයතනයේ කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන ප්‍රදේශවල පිහිටා ඇති සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන, 2022 ජනවාරි 07  දින සිට නැවත විවෘත කරන බව එම ආයතනය නිවේදනය කරයි. Covid 19