𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Uncategorised “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීයම් ජයග්‍රාහකයන් යවත රුපියල් මිලියන 10ක් වටිනා තයාග පිරිනැයම

“DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීයම් ජයග්‍රාහකයන් යවත රුපියල් මිලියන 10ක් වටිනා තයාග පිරිනැයම

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න මහතා වෙත LOVOL හාවස්ටර් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදී.

“DIMO විශ්වාසයේ වාසිය” පසුගිය මහ කන්නයේ දී හඳුන්වාදෙනු ලැබූ අතර එය වඩාත් සුහද ව ගොවිජනතාව විසින් වැළඳගනු ලැබීය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගොඩනැගීමේ අරමුණින් ගොවි ජනතාව උනන්දු කර වීම උදෙසා මෙම දිනුම් ඇදීමේ වැඩසටහන දියත් කරනු ලැබීය. 2021 අගෝස්තු 01 දින සහ 2021 දෙසැම්බර් 31 අතර කාල සීමාව තුළ Mahindra හෝ Swaraj ට්‍රැක්ටර් මිලදී ගත් ගොවිමහතුන් මෙම දිනුම් ඇදීම වෙනුවෙන් සුදුසුකම් ලැබීය. අදාල සියලුම රාජ්‍ය ආයතනවල නියාමනයන් යටතේ මෙම දිනුම් ඇදීම පැවැත්වූ අතර, එම අවස්ථාව Facebook හරහා සජීවීව විකාශය කරනු ලැබීය.

ජයග්‍රාහී වාසනාවන්තයෙකු වූ D.A. සේනාරත්න මහතා තම අදහස් මෙසේ ප්‍රකාශ කළා. “දිගු කාලයක් පුරාවට මගේ අවශ්‍යතා වෙනුවෙන් ට්‍රැක්ටර් කුළියට ගැනීමට මට සිදුවුණා. ඒ නිසා Mahindra ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට මා සිතුවා. ඒ වගේම ගොවි ජනතාව අතර Mahindra ට්‍රැක්ටර සඳහා තිබුණේ ඉහළ ප්‍රසාදයක්. ඒ වගේම අද මම මෙම දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකුත් වෙලා තිබෙනවා. හාවස්ටර් යන්ත්‍රයක් හිමිවීම ගැන මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්. එමඟින් මට වගේම අපේ ප්‍රදේශයටත් ඉතා විශාල වාසියක් සැලසෙනවා.”

මෙම දිනුම් ඇදීමේහි   අනෙක් ජයග්‍රාහකයා වන P.G.D.F. පියරත්න මහතා මෙසේ පැවසීය. “මම මාස 8ක පමණ කාලයක සිට Swaraj ට්‍රැක්ටරය භාවිතා කරනවා. ඒවගේම හාවස්ටර් යන්ත්‍රයක් ජයග්‍රහණය කිරීම පිළිබඳව මහත් සතුටට පත් වෙනවා.Swaraj ට්‍රැක්ටරය සමඟ මාගේ දෛනික වැඩකටයුතු කරගැනීම පහසුයි. තවද මා ජීවත්වන පළාත තුල බහුලව Swaraj ට්‍රැක්ටරය භාවිතා වනවා. මෙවැනි අත්දැකීමක් ලබා දීම හරහා ගොවි ජනතාව වෙත ලබා දෙන සහයෝගයට මම DIMO ආයතනය වෙත මාගේ ස්තූතිය පිරිනමනවා”

DIMO Agribusinesses හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සඳහන් කළේය. “අප රටේ ආර්ථිකය තුල කෘෂිකර්මාන්තය ඉටු කරන්නේ අඛණ්ඩ මෙහෙයක්.නව තාක්ෂණික මෙවලම් අප රටේ ගොවි මහතුන් වෙත සමීප කරන අතරම දේශීය කෘෂිකර්මාන්තය වර්ධනය කළ හැකි නව මංපෙත් පිළිබඳව සොයා බැලීම අපේ අරමුණයි. “DIMO විශ්වාසයේ වාසිය” වැනි වැඩසටහන් වල මූලික ඉලක්කය වන්නේ දේශීය ගොවි මහතුන් කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමයි. තවද ශ්‍රී ලංකාව තුළ බහුල ව කෘෂි ව්‍යවසායකයින් බිහිකිරීම උදෙසා දේශීය  කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට DIMO සූදානම් ව සිටිනවා. තව ද ඉදිරියටත් ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ සිහින සහ අභිලාෂ බල ගැන්වීම DIMO හි අපේක්ෂාව යි.”

තවදුරටත් අදහස් දක්වමින් රජීව් මහතා මෙසේ පැවසීය.”Mahindra, Swaraj වැනි ප්‍රමුඛ පෙළේ ට්‍රැක්ටර් සන්නාමයන් හා LOVOL, CLAAS වැනි හාවස්ටර් සන්නාමයන්, DIMO වෙළෙඳ පොළට හඳුන්වා දී තියෙනවා. එමෙන්ම නම්‍යශීලී කල්බදු පහසුකම් ලබාගැනීම සඳහා ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතන සමඟ හවුල්කාරීත්වය ගොඩනගා ගෙන තියෙනවා.”
DIMO Agribusinesses විසින් හඳුන්වා දෙන සියලුම කෘෂි යන්ත්‍රෝපකරණ දිගු කාලීන වගකීමක් සහිතව    වෙළෙඳපොල ට නිකුත් කරන අතර, වසර 4ක වගකීම් කාලයක් සමඟ වෙළෙඳපොල ට හඳුන්වා දුන්   ප්‍රථම ට්‍රැක්ටරය Mahindra ට්‍රැක්ටරයයි. වසර 80 ක විශ්වාසය හා අද්විතීය වූ අලෙවියෙන් පසු සේවාව ද සහිත ව ගොවිමහතුන්ගේ සෑම තෝරාගැනීමක් ම DIMO සමඟ වඩාත් සුරක්ෂිත වනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post