𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz නැවුම් සිතුවිලි සමඟින් 7UP® – FIDO DIDO නැවතත් ඔබේ සමීපයට

නැවුම් සිතුවිලි සමඟින් 7UP® – FIDO DIDO නැවතත් ඔබේ සමීපයට

| | 0 Comments |

7UP “නැවුම්ව සිතන්න (Think Fresh)” දර්ශනය මත ගොඩනැගෙමින්තවත් විනෝදය පිරුණු අලෙවි දැන්වීමක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර ප්‍රබෝධමත් පානයක් ලෙස ප්‍රචලිත 7UP®, නව මුහුණුවරකින් නැවතත් වෙළඳ පොලට දියත් කර ඇත. 7UP® හි ‘Think Fresh’ හා සමගාමීව මෙහි නව ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, සැහැල්ලු සහ විනෝදජනක ආකල්පයකින් යුතුව, එදිනෙදා ගැටලු සඳහා කූල් විසඳුම්  ඉදිරිපත් කිරීමට 7UP® ‘Think Fresh’ ප්‍රචාරණ වැඩසටහන දිරිගන්වයි. 7UP® හි අප කවුරුත් හඳුනන, බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්, කැරලි කොණ්ඩයක් සහිත Fido Dido ගේ චරිතය ශ්‍රී ලංකාවේ ද ඉහළ ප්‍රසිද්ධියක් උසුලන අතර, එදිනෙදා ප්‍රශ්න සඳහා සිනහවෙන් යුතුව කූල් විසඳුම් ලබාදෙන චරිතයක් ලෙස Fido Dido නම් කළ හැකිය. 

නවතම  7UP®  නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම් වැඩසටහන ආරම්භ වන්නේ, පදික මාරුවකින් පාර මාරු වීමට උත්සාහ කරන මහලු කාන්තාවක් හා බැඳුනු කතාවක් තුලිනි. මෙහිදී ඇය පාර මාරු වීමට උත්සහ කරන විට, රථවාහන කිහිපයක් අදාළ පදික හුවමාරුව අවහිර කර ඇත.  මෙහිදී අදාළ කාන්තාව අපහසුතාවයට පත් වන අතර, මෙම අවස්ථාව Fido Dido විසින් සිය ඇසට ග්‍රහණය කරගනු ලබයි. ඉන් පසුව Fido Dido  විසින් සිය යහළුවන් කණ්ඩායමත් සමඟ අදාළ කාන්තාවට ආරක්ෂාකාරීව පාර මාරු වීමටත්, රියදුරන්ට සිය වැරැද්ද හඳුනා ගැනීමටත් හැකිවන ආකාරයේ ප්‍රබෝධමත් විසඳුමක් ගෙන එයි.

මෙම නව ප්‍රචාරණ දැන්වීම පිළිබඳ අදහස් දක්වමින්, PepsiCo හි ශ්‍රී ලංකා කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්‍යක්ෂ (Flavors),  නාසීබ් පූරි මහතා මෙලෙස පවසයි. “මෙම නව ප්‍රචාරණ දැන්වීම දියත් කිරීමේදී අපගේ ප්‍රමුඛ අරමුණ වනුයේ, ජිවීතයට කොතරම් බාධක පැමිණියද, ඒ පිළිබඳ ප්‍රබෝධමත්ව සිතමින් විසඳුම් සෙවීම සඳහා පාරිභෝගිකයින් දිරිමත් කිරීමයි. මෙම කෙටි චිත්‍රපටය, සමාජයේ අප එදිනෙද මුහුණ දෙන ගැටලු සඳහා නොබියව විසඳුම් සොයාගැනීම සඳහා සියලු දෙනා පොළඹවන අතර, මෙහිදී තමන් බැඳ ඇති විවිධ සීමාවන් වලට අභියෝග කරමින් සාර්ථක විසඳුම් වෙත ගමන් කිරීමට තරුණ තරුණියන් අභිප්‍රේරණය කරයි.” 

7UP දැන් දිවයින පුරා විසිරුණු අලෙවිසැල් තුළින් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමි වන අතර, මෙම සුවිශේෂී අලෙවි දැන්වීම නුදුරේදීම රුපවාහිනී, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

නවතම වැඩසටහන පිළිබඳ විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න – https://www.youtube.com/watch?v=MNCc-mOzAB4

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

CLOVER IN THALAWATHUGODA சொகுசு மனைத்திட்டத்தை அங்குரார்ப்பணம் செய்த PRIME SIGNATURE VILLASCLOVER IN THALAWATHUGODA சொகுசு மனைத்திட்டத்தை அங்குரார்ப்பணம் செய்த PRIME SIGNATURE VILLAS

60% சொகுசு வில்லா மனைகள் உடனடியாக விற்றுத் தீர்ந்தன இலங்கை ரியல் எஸ்டேட் துறையில் முன்னோடி நிறுவனமாகத் திகழும் Prime Group, தனது பிரத்தியேக signature villas வரிசையில் புதிய இணைப்பாக ‘Clover in Thalawathugoda’ மனைத்தொகுதியை அங்குரார்ப்பணம் செய்துள்ளது. இந்த