𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz මෙඩිහෙල්ප් හොරණ රෝහලෙන් දැන් නවීනතම වෛද්‍ය රසායනාගාර පහසුකම්.

මෙඩිහෙල්ප් හොරණ රෝහලෙන් දැන් නවීනතම වෛද්‍ය රසායනාගාර පහසුකම්.

| | 0 Comments |

1985 වසරේ දී හොරණ කේන්ද්‍ර කර ගනිමින් එක් වෛද්‍ය රසායනගාරයකින් ආරම්භ කෙරුණු මේඩිහෙල්ප් රෝහල් ජාලය වසර 36ක දීර්ඝ සේවා කාලයක් තුළ මුළු රටේම ඉහළ පෙළේ සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස සාර්ථක දියුණුවක් අත් කර ගෙන ඇත. එසේම දශක තුනහමාරක දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාව අතර නිවැරදි සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ විශාල විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව ඇත.

මෙඩිහෙල්ප් රෝහල් ජාලය මේ වන විට පූර්ණ ස්වයංක්‍රීය රසායනාගාර 10 ක් සහ සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන 180 කට අධික ශාඛා ජාලයකින් පුළුල් වී ඇත. එමගින් නිවැරදි, ගුණාත්මක රෝග විනිශ්චය සේවාවන් පහසු  මිලකට ලබා ගත හැකිය. මෙඩිහෙල්ප්, උසස් හා දියුණු පහසුකම්වලින් සපිරි රෝහලක් සහ බාහිර රෝගී මධ්‍යස්ථාන 12කින් සමන්විත රෝහල් ජාලයක් පවත්වාගෙන යන අතර එහි නවතම ශාඛාව ජනවාරී මාසයේදී හෝමාගමදී විවෘත විය.

මෙඩිහෙල්ප් රෝහල් ජාලය කළුතර දිස්ත්‍රික්කය තුළ ISO 9001:2015 ප්‍රමිති සහතික ලත් ප්‍රථම රසායනාගාරයට හිමි ගෞරවය දිනාගෙන සිටින අතර වෛද්‍ය රසායනාගාර සඳහා වන ISO 15189:2012 ප්‍රමිතිය ලබා ගැනීම මෙඩිහෙල්ප් හී අරමුණයි. ඊට සමගාමීව, නවීන පහසුකම්වලින් සමන්විත වර්ග අඩි 4000ට අධික නවීකරණය කරන ලද නව ගොඩනැගිල්ලක මෙඩිහෙල්ප් නවීන පහසුකම් සහිත රසායනාගාරයක් ස්ථාපනය කර ඇත. මෙය රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ රාශියකට සරිලන අති නවීන පර්යේෂණ උපකරණවලින් සමන්විතය. ඒ අනුව මෙම නව්‍ය පහසුකම් හරහා දිනකට පරීක්ෂණ 5000 කට අධික ධාරිතාවක්  සිදු කිරීමට පහසුකම් ඇති අතර එමගින් ප්‍රදේශයේ සහ සමස්ථයක් ලෙස රටේම සෞඛ්‍ය සේවා කර්මාන්තයටම ඉමහත් දායකත්වයක් ලබා දේ.

මෙම නවීන පහසුකම් පිළිබඳව මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ  නිර්මාතෘ සහ රසායනාගාර අධ්‍යක්‍ෂක සුනන්දා විජේසිරිවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. “මෙම රසායනාගාරය මගින් මුළු කලුතර දිස්ත්‍රික්කය සඳහාම වූ නවීන වෛද්‍ය රසායනාගාර පහසුකම් අවශ්‍යතා සපුරාලීම අපගේ අරමුණයි. මීට අමතරව, මෙම පහසුකම අපගේ රසායනාගාර 10 ක ජාලය සඳහා ප්‍රධාන රසායනාගාරය ලෙස ද ක්‍රියා කරනු ඇත. අපගේ පාරිභෝගිකයින් කේන්ද්‍රීය කරගත් සේවා සැපයුම තුළින් දැරිය හැකි මිලකට, සේවා ලබා ගැනීමට ඇති පහසුව ලඟා කර දීම සහ සේවාවන්හි සහතික කළ ගුණාත්මකභාවය ඉදිරියටත් සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වෙනවා”

මෙඩිහෙල්ප් හි නවීකරණය කරන ලද වෛද්‍ය රසායනාගාරය මගින් සේවා ලබා ගැනීමට එක්වන පාරිභෝගිකයින් පිරිස ඉහළ යමින් තිබෙන අතර ඔවුන් වෙනුවෙන් දැනට සිදු කෙරෙන පරික්ෂණ මෙන්ම තවත් විශේෂිත පරීක්ෂණ එක් කරමින් දැරිය හැකි මිලකට, සේවා ලබා දීම මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ අරමුණ වී ඇත. නවීකරණය කරන ලද නවීන පහසුකම්වලින් යුතු හොරණ රසායනාගාරය මගින් මෙඩිහෙල්ප් යටතේ ඇති අනෙකුත් රසායනාගාර අධීක්ෂණය කෙරෙන අතර ස්ථාවර තත්ත්ව පාලන පිළිවෙත් තුළින් සිය රසායනාගාර ජාලයේ සියලුම රසායනාගාර පරිෂණවල නිරවද්‍යතාව හා  සහතික කළ ගුණාත්මකභාවය ඉහළ නංවනු ලැබේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

අන්තර්ජාල ළමා හිංසනයට තිත තැබීමට LEADS, Save the Children International iy World Vision Lanka නව වැඩපිළිවෙලක්අන්තර්ජාල ළමා හිංසනයට තිත තැබීමට LEADS, Save the Children International iy World Vision Lanka නව වැඩපිළිවෙලක්

රාජ්‍ය නොවන සංවිධාන ලෙස ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු ජන කණ්ඩායම් වල නොයෙක් ගැටළු සම්බන්ධව කටයුතු කරන LEADS, Save the Children International සංවිධානය සහ World Vision Lanka ආයතනය ශ්‍රී

ஆரம்பகால Etisalat 072 சந்தாதாரர்கள் தங்கள் சிம் அட்டைகளை காலாவதியாகும் முன் மேம்படுத்த வேண்டும்ஆரம்பகால Etisalat 072 சந்தாதாரர்கள் தங்கள் சிம் அட்டைகளை காலாவதியாகும் முன் மேம்படுத்த வேண்டும்

தற்போது HUTCH வலையமைப்பில் உள்ள ஆரம்பகால Etisalat 072 வாடிக்கையாளர்கள், தங்களது தற்போதைய சிம் அட்டைகளை கூடிய விரைவில் Hutch 072 சிம் அட்டைகளுக்கு மேம்படுத்துமாறு Hutch வேண்டுகோள் விடுக்கின்றது. ஏனெனில், இவை விரைவில் காலாவதியாகிவிடும் என்பதுடன், செப்டம்பர் 2021 க்குப்

Ocean Lanka සමාගම, විෂබීජ වළක්වන ස්වභාවික මුහුණු ආවරණයක් හඳුන්වා දෙමින් COVID-19 මර්දනයට එක් වෙයිOcean Lanka සමාගම, විෂබීජ වළක්වන ස්වභාවික මුහුණු ආවරණයක් හඳුන්වා දෙමින් COVID-19 මර්දනයට එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින්