𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ප්‍රකාශය

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ප්‍රකාශය

| | 0 Comments |

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගමේ (“පිරමිඩ් විල්මා”) කළමනාකාරීත්වය විසින්, මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා පැතිර යන, ආනයනික පොල්තෙල් වල අඩංගු ඉහළ මට්ටමේ ඇෆ්ලාටොක්සින් (Aflatoxin)  හා සම්බන්ධව පහත කරුණු අනාවරණය කර සිටියි.

1) පිරමිඩ් විල්මා යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින්, සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමකි. පිරමිඩ් විල්මා හි සෑම මෙහෙයුම් අංශයක්ම ආවරණය වන පරිදි උසස්ම ප්‍රමිතීන් ස්ථාපනය කර ඇත. එහි ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගේ යහපත උදෙසා වූ  අඛණ්ඩ කැපවීම හේතුවෙන් පිරමිඩ් විල්මා හි  ‘ෆෝචූන්’ වෙළඳ නාමය යටතේ වෙළඳ පොළට නිකුත් වන නිෂ්පාදනයන්, පාරිභෝගිකයින් අතර මෙන්ම පිසින තෙල් හා සම්බන්ධ වෙළඳ පොළ තුළද ඉහළ ප්‍රමුඛත්වයක් හිමිකර ගෙන ඇත. 

2) පිසින තෙල් ඇතුළු සියලුම පිරමිඩ් විල්මා නිෂ්පාදන, ඉහළම දේශීය හා ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුව දැඩි අධීක්ෂණයක් යටතේ නිෂ්පාදනය කරන අතර, එම සියලුම නිෂ්පාදන FSSC 22000, ISO 14001, ISO 9001, HACCP, GMP, සෞඛ්‍ය සහ ආරක්ෂණ මාර්ගෝපදේශයන් සමඟ අනුකූල වේ.

3) පිරමිඩ් විල්මා විසින් ආනයනය කරන සියලුම පිසින තෙල් නිෂ්පාදන දේශීය වෙළඳපොළට මුදා හැරීමට පෙර දීර්ඝ හා දැඩි තත්ත්ව පරීක්ෂාවකට භාජනය වන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. තවද, පිරමිඩ් විල්මා විසින් වෙළඳ පොළට නිකුත් කරනු ලබන සියලුම පිසින තෙල් හා සම්බන්ධ නිෂ්පාදන, පාරිභෝගිකයා අතට පත් වනුයේ ශ්‍රී ලංකා නියාමන බලධාරීන් විසින් නියම කර ඇති, පොල්තෙල්වල අන්තර්ගත සමස්ථ ඇෆ්ලාටොක්සින් (Aflatoxin) මට්ටම ඇතුළුව, අනෙකුත් සියලුම නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල බව නිසි පරිදි සහතික කිරීමෙන් පසුව පමණි.

4) වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස පිරමිඩ් විල්මා සිය පාරිභෝගිකයින්ගේ මෙන්ම සමස්ථ ප්‍රජාවගේ යහපත් සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ නිරන්තර අවධානයක් යොමු කරයි.  සෑම විටම පාරිභෝගිකයින්ට හොඳම තත්ත්වයේ නිෂ්පාදන ඉදිරිපත් කරමින් ඔවුන්ගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් පිරමිඩ් විල්මා කැපවෙමින් ක්‍රියා කරයි.

5)  මෑත කාලීනව පිරමිඩ් විල්මා සමාගම ඉලක්ක කර ගනිමින් ඇතැම් පාර්ශවයන් විසින් සමාගමේ පිසින තෙල්, ෆැට් ස්ප්‍රෙඩ්, ඉන්ඩස්ට්‍රියල් මාගරීන් ඇතුළු ඇතැම් නිෂ්පාදන සඳහා සිදු කරන ලද ව්‍යාජ චෝදනා සමාගම තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.  මෙම පදනම් විරහිත චෝදනා පැහැදිලිවම අසත්‍ය බවත්,   පිරමිඩ් විල්මා හි  කීර්තිනාමයට හා වෙළඳ පොළ   නායකත්වයට ඍණාත්මක බලපෑමක් ඇති කිරීමේ අරමුණින් ඒවා ද්වේෂ සහගත ලෙස සැලසුම් කර ඇති බවත් පෙනී යයි.  පිරමිඩ් විල්මා හට මෙලෙස අසත්‍ය ප්‍රචාර/ චෝදනා ගෙනයන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පුර්ණ බලය හිමිය. 

6) මේ පිළිබඳ ඕනෑම අයෙකුට කිසිඳු විමසීමක් අවශ්‍ය නම්, සමාගම් කළමනාකාරීත්වය නියෝජනය කරමින් එහි සමූහ නීතී නිලධාරී තුමන්, දුරකතන අංක 0775973182 හරහා හෝ [email protected] හරහා සම්බන්ධ වී ලබා ගත හැකිය. 

7) පිරමිඩ් විල්මා හි සියලුම අයිතිවාසිකම් මෙමඟින් පැහැදිලිවම අනාවරණය කර ඇත.                  

  • කළමනාකාරීත්වය, පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගම
Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Scybers partners with Netenrich and Google Cloud to deliver next generation Security Operations Center (SOC) services for Banking, Financial Services and High-Tech industriesScybers partners with Netenrich and Google Cloud to deliver next generation Security Operations Center (SOC) services for Banking, Financial Services and High-Tech industries

Scybers, a global cybersecurity consulting and managed services company, today announced a partnership with Netenrich and Google Cloud. The partnership combines the power of Scybers’ global cybersecurity expertise with Netenrich’s

DIMO පිරිනමන PESHA පාඨමාලාව සදහා IHK ජර්මනිය සහ AHK ශ්‍රී ලංකාවෙහි අනුමැතිය ලැබේ.DIMO පිරිනමන PESHA පාඨමාලාව සදහා IHK ජර්මනිය සහ AHK ශ්‍රී ලංකාවෙහි අනුමැතිය ලැබේ.

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි  තාක්ෂණික නිපුණතා ඇකඩමිය (DATS) විසින් පිරිනමනු ලබන “Plant Engineering for Sanitary Heating and Air Conditioning”  (PESHA)  ඩිප්ලෝමාව ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා