හච් “SMART” වෙයි.

| | 0 Comments |

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කරඇත.

මේ හරහා  හච් සතු දැවැන්ත හා සමීප ආවරණ ජාලය සහපාරිභෝගිකයින් වෙනුවෙන් හච් තුල වූ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක්  ලෙස ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබාදීමට හච් සමත් වේ. එමනිසා දිනෙන් දින වර්ධනය වන ශක්තිමත් පාරිභෝගිකයින් පදනමක් තමන් සතු කර ගැනීමට හච් සමත් වී ඇති අතරම ඔවුන් වෙනුවෙන්  නවතම වැඩසටහන් රාශියක් ද සැලසුම් කර ඇත.

හච්හි නවතම තේමාව “Yanko! Vango! Let’s Go Smart with HUTCH” යනු, ජාතියක් ලෙස එක්ව නැගිටිමු, එක්ව ඉදිරියට යමු, එක්ව ජීවත්වමුයන උදාර සිතුවිල්ලයි.

“මේ අලුත් සංකල්පය තුලින් අප විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් SMARTලෙස සිතමින්, SMART ලෙස කටයුතු කරමින් තම අරමුණු සාක්ෂාත් කර ගන්නවා දකින්නයි.” හච් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී, රම්සීනා මෝර්සෙත් ලායි සඳහන් කළාය.

කෝටා සීමාවන්, data භාවිතයන් පිලිබඳ විනිවිදභාවයක් නොමැතිකම, නිරන්තර බිල්පත් ගැටළු, දුර්වල පාරිභෝගික සේවය වැනි හේතූන් නිසා පාරිභෝගිකයින් වඩාත් හොඳම සන්නිවේදන සහකරු වෙත මාරු වෙන බව නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. සම්පුර්ණයෙන්ම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් සන්නමයක් ලෙස හච්, මෙම සියුම් ගැටළු ඉතා ඉක්මනින් හඳුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා දී ඇති අතර, ඒ නිසා මෑත වසරවලදී සමාගමේ වෙළඳපොළ කොටසද  වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. තවද දැවැන්ත හා සමීප 4G ආවරණ ජාලය තුලින් තම පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව වැඩිදියුණු කරන ලද සේවාවන් සැපයීමට හච් නිරන්තරයෙන්ම සූදානමින් සිටී.

නවතම වැඩිදියුණු කරන ලද HUTCH Self Care app සහ HUTCH cliQ app තුලින් 100%ක විනිවිදභාවයක් සහිතව ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවාවක් ලබා දීමට සමාගම කටයුතු කරයි. පාරිභෝගිකයින්ට හච් වෙබ් අඩවිය හරහා සියලුම සේවාවන් වෙත පිවිසිය හැකි අතර අදාළ USSD codes ඇමතීම මගින් පැකේජ් සක්‍රීය කරගැනීමටත්, මිල ගණන් සහ අනෙකුත් විස්තර දැන ගැනීමටත් හැකියාව ඇත. තවද පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයින්ට තම ගිණුම් සහ data ශේෂයන් SMS හරහා දැනුම් දෙන අතර එමගින් අනවශ්‍ය ගාස්තු එකතු වීම වළක්වා ගතහැක.

හච්  දුරකථන ඇමතුම්, සමාජ මාධ්‍ය , WhatsApp, Viber, වෙබ් අඩවි, Hutch Self Care app වැනි විවිධමාධ්‍යන් ඔස්සේ පාරිභෝගික සේවය ශක්තිමත් කිරීම තුලින් පාරිභෝගිකයින්ට SMART අත්දැකීමක් ලබා දී ඇත. 

තම නවතම සංකල්පය පිලිබඳ අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ප්‍රකාශ කළේ ” පාරිභෝගිකයින්ගේ සියුම් ගැටළු සහ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවාට සරිලන විසදුම් ලබාදීම තුලින් පාරිභෝගිකයින් වෙත  SMART අත්දැකීම් සපයන  සන්නිවේදන සහකරු ලෙස අපට අලුත් ගමනක් ආරම්භ කරන්නට පුළුවන් වුණා. අපගේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට විශිෂ්ට සේවාවක් සැපයීමට අප තුල ඇති කැපවීම මෙම ගමනට පියවර තබන්නට අපිව දිරිමත් කළා. මෙහිදී කැපීපෙනෙන දෙය නම් අපගේ නවෝත්පාදන සැලසුම් පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන්ට සැබවින්ම ගැලපීමයි. අපගේ පාරිභෝගිකයින්ට සෑම දිනකම විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදෙන්න  අපි ගත් උත්සාහය ගැන අපිට ආඩම්බරයි වගේම නව හච් අත්දැකීම අත්හදා බලන්නට මම සෑම දෙනාටම ආරාධනා කරනවා.” යනුවෙනි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Emerald සිය පළමු අළෙවි ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ලේ දී විවෘත කරයි.Emerald සිය පළමු අළෙවි ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ලේ දී විවෘත කරයි.

මහත්වරුන්ට විශේෂිත වූ නිමි ඇදුම් සපයන්නන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන Emerald සිය පළමු අලෙවි ප්‍රදර්ශනාගාරය අංක 1006/2, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ස්ථානයේදී සිය පාරිභෝගිකයන් සඳහා අභිනවයෙන් විවෘත කරන ලදී.

வாடிக்கையாளர் அனுபவத்தை மேம்படுத்த Softlogic IT நிறுவனத்தின் புதிய இணையத்தளம்வாடிக்கையாளர் அனுபவத்தை மேம்படுத்த Softlogic IT நிறுவனத்தின் புதிய இணையத்தளம்

இலங்கையின் முன்னணி தொழில்நுட்ப வழங்குநர்களில் ஒருவரான Softlogic Information Technologies (Pvt) Ltd (Softlogic IT) நிறுவனம் அண்மையில் www.softlogicit.lk எனும் ஒரு புதிய இணையத்தளத்தை அறிமுகப்படுத்தியுள்ளது. இதில் நிறுவனத்தின் சேவை வழங்கல்களின் முழு நோக்கமும் வெளிப்படுத்தப்பட்டுள்ளதோடு, வாடிக்கையாளர்களின் ஆதரவை அதிகரிப்பதற்கான

Swadeshi Khomba illuminates five most important historic places of worship, under the theme, “Swadeshi Khomba Aloka Puja Sathkaraya”, during the annual Esala festival.Swadeshi Khomba illuminates five most important historic places of worship, under the theme, “Swadeshi Khomba Aloka Puja Sathkaraya”, during the annual Esala festival.

The Swadeshi Industrial Works PLC the pioneer herbal – personal care products manufacturer once again illuminated the Aluthnuwara Sri Dadimunda Maha Devalaya, Devundara Uthparawarna Sri Vishnu Maha Devalaya, Sabaragamuwa Maha