𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් මගින් දැන් ලබා ගත හැක.

පැල්වත්ත කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් මගින් දැන් ලබා ගත හැක.

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ උසස්ම කිරි නිෂ්පාදනය කර බෙදාහරින්නා වන පැල්වත්ත ඩේරි සිය නිෂ්පාදනයන් බොහොමයක් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් හරහා පාරිභෝගික ජනතාව වෙත සමීප කර තිබේ.

පැල්වත්ත සමාගමේ සෞඛ්‍ය සම්පන්න, නැවුම් හා රසවත් බවින් පිරිපුන් කිරි, යෝගට්, අයිස්ක්‍රීම් සහ බටර් ඇතුළු නිෂ්පාදන රට පුරා කීර්තියක් අත්කරගෙන ඇති අතර ඒ අනුව සමාගම සිය ගාර්ලික් බටර්, ලුණු රහිත බටර් සහ ගිතෙල්, සියළුම Arpico, Keells, SPAR සහ  Softlogic සුපිරි වෙළඳ සැල් මගින් ලබා දීමට කටයුතු කරමින් සිටී.

පැල්වත්ත සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලය සමඟ සම්බන්ධ වීම පිළිබඳව එහි කළමනාකරණ අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ අදහස් දැක්වීය. “පුළුල් පරාසයක විහිදුනු අපගේ පැල්වත්ත නිෂ්පාදන රටේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලය සමඟ හවුල් වෙමින් ප්‍රදර්ශනය කිරීමට ලැබීම පිළිබඳව අප අතිශය සතුටට පත්වනවා. අපගේ සියලු නිෂ්පාදන පෝෂ්‍ය ගුණයෙන් පිරිපුන් මෙන්ම කිසිඳු කල්තබා ගැනීමේ ද්‍රව්‍යකින් තොර නැවුම් කිරිවල යහගුණයෙන් පොහොසත් නිෂ්පාදන ලෙස හඳුන්වන්න පුළුවන්. පැල්වත්ත ගිතෙල් අපගේ නිෂ්පාදන පෙළ අතරේ වඩාත් ජනප්‍රිය නිෂ්පාදනයක් එවැනි ගුණාත්මක උසස් පැල්වත්ත කිරි නිෂ්පාදන මෙම සුපිරි වෙළඳසැල් හී තැබීමට හැකිවීම අපට මහත් සතුටට කරුණක්.”

මෙහිදී ග්‍රෑම් 230  පැල්වත්ත ගිතෙල් සහ කිරි පිටි Keells සුපිරි වෙළඳ සැල් මගින් මිලදී ගත හැකිය. පැල්වත්ත ගාර්ලික් බටර් සහ ලුණු සහිත සහ රහිත බටර් දිවයින පුරා Cargills, Arpico, SPAR සහ  Softlogic සුපිරි වෙළඳ සැල් මගින් මිලදී ගත හැක. මීට අමතරව, ලංකා සතොස සුපිරි වෙළඳසැල් හරහා ද පැල්වත්ත අයිස්ක්‍රීම්, යෝගට් සහ ලුණු දැමූ සහ ලුණු රහිත බටර් වර්ග දැන් අලෙවි කෙරේ.

පැල්වත්ත සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සමඟ ඇතිකර ගන්නා ලද මෙම හවුල්කාරිත්වය පාරිභෝගික ප්‍රජාව වෙත ඉස්මතු කරන ලද්දේ ඔවුන් ගෙවන මුදලට ඉහළම වටිනාකමක් ලබා දෙමින් පැල්වත්ත නිෂ්පාදන සඳහා ආකර්ශනීය වට්ටම් රාශියක් ඔක්තෝම්බර් මාසය දක්වා දීර්ඝ කරමිණි. එහිදී සියළුම Keells අලෙවිසැල් මගින් ලුණු සහිත බටර් ග්‍රෑම් 200කින් රු 60 ක් ද, සියලු Arpico වෙළඳ සැල් මගින් ලුණු රහිත ග්‍රෑම් 200 බටර් සඳහා රු 41ක වට්ටමක්ද ලබා දේ. එසේම කොස්වත්ත Sirilak SUPER වෙතින් අයිස් ක්‍රීම් හැර පැල්වත්ත අනෙකුත් ශීතකළ නිෂ්පාදන සඳහා සියයට 10ක වට්ටමක් හිමි වේ.

පැල්වත්ත සමාගම සිය නිෂ්පාදන වල ගුණාත්මකභාවය, රසය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය කෙරෙහි දක්වන දැඩි කැපවීම එහි නිෂ්පාදන තුළින් පිළිබිඹු වන අතර එමඟින් පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දේ. එහිදී පැල්වත්ත සිය නිෂ්පාදන කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොරව නිෂ්පාදනය කිරීමට වගබලා ගනී. නිදර්ශක ලෙස ගත් කල පැල්වත්ත බටර් මේද ප්‍රතිශතය පාලනය කිරීම සඳහා වූ ප්‍රමිතිකරණ ක්‍රියාවලියක් හරහා ස්වාභාවික තත්ත්වය ආරක්ෂා කරමින් නිෂ්පාදනය කෙරේ. පැල්වත්ත අයිස්ක්‍රීම් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වන Sri Lanka Standards (SLS)ට අනුකූලව නිෂ්පාදනය කෙරේ. පාරිභෝගික සුබසිද්ධිය උදෙසා සමාගමේ කැපවීම මෙමගින් මැනවින් පිළිබිඹු කෙරෙන අතර එමගින් පාරිභෝගික විශ්වාසය සුරක්ෂිත කරමින් පැල්වත්ත රටේ ඉහළ ඉල්ලුමක් ඇති කිරි වෙළඳ නාමයක් බවට පත් වී ඇත.

හදිසියේ රට තුළ කොරෝනා රෝගීන් වැඩිවීම පිළිබඳව ද වික්‍රමනායක මහතා අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “මේ වසර මුලදී රට වසා දැමීමට සිදුවූ අවස්ථාවේ පැල්වත්ත නිෂ්පාදන නොමිලේ ගෙයින් ගෙට බෙදා හැරීමේ සේවා සහ අනෙකුත් ආයතනික සමාජ වගකීම් මෙන්ම පාරිභෝගික ජනතාව වෙත සමීප වීමේ ක්‍රියාවලියක් අප දියත් කරනු ලැබුවා. මෙම තත්ත්වය යළිත් වරක් උත්සන්න වුවහොත්, රට සහ කිරි කර්මාන්තය කෙරෙහි අපගේ කැපවීම අප සහතික කරන අතර කිරි නිෂ්පාදනය ඉතා සුරක්‍ෂිතව හා පූර්වාරක්ෂාවකින් යුතුව පවත්වාගෙන යාම සහතික කරනු ලබනවා.”

සෑම විටම දේශීය කිරි ගොවීන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නංවාලමින් රටේ දේශීය කිරි ඉල්ලුම සපුරාලීම කෙරෙහි පැල්වත්ත සමාගම දැඩි අවධානයක් යොමු කර තිබේ. කිරි නිෂ්පාදනය අතින් ජාතියේ ස්වයංපෝෂිත භාවය මූලික මෙහෙවර ලෙස ඉටුකරලන අතර කිරි ගොවීන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ වර්ධනය ජාතියේ දියුණුව බව සලකමින් පැල්වත්ත සමාගම ගොවීන්ට, ඔවුන්ගේ ජීවනෝපායන් සහ පවුල්වල දියුණුව සහ සංවර්ධනය උදෙසා  විවිධාකාරයෙන් සහය දක්වයි.

කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වලින් ස්වයංපෝෂිත වීමට ශ්‍රී ලංකාවට සුවිශාල අවස්ථා­වක් ඇති අතර එම අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා පැල්වත්ත සමාගම ජාතියට කරනු ලබන මග පෙන්වීම අඛණ්ඩව ඉටු කරනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post