𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ඕෂන් ලංකා සමාගම රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රය තුළ සිය ගමන්මගෙහි රිදී ජුබිලිය සමරයි

ඕෂන් ලංකා සමාගම රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රය තුළ සිය ගමන්මගෙහි රිදී ජුබිලිය සමරයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කරයි.

පෞද්ගලික සමාගමක් වශයෙන් 1994 වසරේ ශ්‍රී ලංකාවේ පිහිටුවා ගැණුනු, ඕෂන් ලංකා සමාගම, ව්‍යාපාරික වශයෙන් දේශීයව හා ජාත්‍යන්තරව නමක් දිනා ගැනීමට හැකියාව උදාකර ලීමේ ගෞරවය හිමි වන්නේ Chung Fong Ha මහතා හටය. ව්‍යාපාරික ප්‍රමුඛයින් වශයෙන් නමක් දිනාගත්, ඒ. කේ.එල්. හයිඩ්‍රාමනී හා ෆෙරොස් ඔමාර් යන මහත්වරුන් හා එක්ව සමාගම දේශීයව හා ජාත්‍යන්තරව, ඉහළම මට්ටමකට ගෙන ඒමට ඔහු විසින් කටයුතු කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මූලික ප්‍රාග්ධනයෙන් යුතුව ඇරඹුණු ඕෂන් ලංකා සමාගම, ඉකුත් වසර 25 ක කාලය තුළ රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍ර යෙන් ශ්‍රී ලංකාවෙහි පෙරමුණ ගනිමින් ගෝලීය වශයෙන් පිළිගත් සමාගමක් බවට පත් වීම සඳහා දැවැන්ත ආයෝජන ගණනාවක් සිදු කර තිබේ.  

1995 වසරේදී සමාගම, වර්ග අඩි 88000 ක නිෂ්පාදනාගාරයක ඩයින් හා ෆිනිෂින් කටයුතු සිදු කරමින් නිල වශයෙන් ආරම්භ කෙරිණි. ආරම්භයේදි එම නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය යාන්ත්‍රිකමය සහය ජපානයේ ෆුකුහාරා ඉන්ඩස්ට්‍රීස් ඇන්ඩ් ට්‍රේඩින් කම්පැනි ලිමිටඩ් වෙතින් හා ජර්මානු සමාගමක් වන Deutsche Babcock AG වෙතින් ලබා ගැණිනි. 2004 වසරේදී වෙළෙඳ පොළ ඉලක්ක කර නූල් ඩයි කිරීමේ නිෂ්පාදන කටයුතු තරඟකාරී මිල ගණන් යටතේ, මහා පරිමාණයෙන් සිදු කිරීම සඳහා, ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක දැවැන්ත ආයෝජනයක් දරමින් වර්ග අඩි 82 000 ක දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කෙරිණි. ඉන්පසු, එම අංශයේ වාර්ෂික නිෂ්පාදනය රාත්තල් මිලියන 2.5 ක් තරම් කැපී පෙනෙන අගයක් විය. ඊට අමතරව, සාම්ප්‍රදායික යන්ත්‍රසූත්‍ර වෙනුවට ජලය හා බල ශක්තිය වැඩියෙන් ඉතිරි කර දෙන, නවතම යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ආයෝජනයක්ද සමාගම විසින් සිදු කර තිබේ. එමෙන්ම, ඕෂන් ලංකා සමාගම රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රයේ පුරෝගාමීන් බවට පත් කරලමින් ඇඟළුම් ක්ෂේත්‍රයේ නවතම හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පසු කාලීනව රෙදි මුද්‍රණය කෙරෙහි අවධානය යොමු කරලීමටද සමාගම සමත් විය. ඒ සඳහා සිදු කළ ඇමරිකානු ඩොලර් මිලියන 466,000 ක ආයෝජන මගින් දේශීය රෙදිපිළි කර්මාන්තයේ ගුණාත්මක භාවය වඩාත් ඉහළ නැංවුණු අතර, විවිධ මෝස්තර රැගත් සුවිශේෂී මුද්‍රණ රැසකින් රෙදිපිළි වෙළෙඳ පොළ වර්ණවත් විය.

නව සහස්‍රය එළඹෙද්දී, ඉතිහාසයේ පළමු වරට ඕෂන් ලංකා සමාගමේ නිෂ්පාදන ධාරිතාව සුවිශේෂී ලෙසින් ඉහළ යාමේ සාඩම්බරය අත්විඳීමට එහි කාර්ය මණ්ඩලයට හැකිවීම සමාගමේ ඉතිහාසය පිළිබඳ සිහිපත් කරද්දී, සුවිශේෂී සන්ධිස්ථානයක් වී තිබේ. එලෙසම තවත් සුවිශේෂී කාරණාවක් ලෙසින් සටහන් කළ හැකි වන්නේ, Lycra® ඇදෙන රෙදිපිළි හා ඩබල් පැඩින්ග් තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සමාගමට හැකි වීමයි. 2010 වසර ආරම්භයේදීම සමාගම ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර ප්‍රමීතීන් (GOTS) අනුගමනය කරන පළමු සමාගම වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමටද පාත්‍ර විය. පරිසර හිතකාමී ක්‍රමවේද අනුගමනය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඕෂන් ලංකා සමාගම 2003 වසරේදී, ISO 14001තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලැබීය.

තවද, තිරසාර සංවර්ධන ඉලක්ක පෙරදැරිව සමාගම ZDHC (අහිතකර රසායනිකවලින් තොර,) ගෝලීය පදනම් වැඩසටහන සහ Higg පාරිසරික නිෂ්පාදනාගාර මොඩියුලය අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සඳහා යොමු විය. ඒ අනුව 2019 වසරේදී ඕෂන් ලංකා සමාගම, bluesign® SYSTEM PARTNER තත්ත්වය ළඟා කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදකයා බවටද පත් විය.

ගෝලීය වෙළෙඳ පොළ තුළ ඕෂන් ලංකා සමාගම ඇති කරගත් පුනර්ජීවනය  වීශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන අතර, 2019 වසරේදී සමාගම, ඉහළම ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින්ම පිදුම් ලැබ තිබේ. 2019 වසරේ, NCE Export Awards සම්මාන උළෙලේදී ‘ඉහළම අපනයන පිරිවැටුම ට හිමිකම් කියන සමාගමට හිමි විශේෂ සම්මානය හා පර්යේෂණ හා සංවර්ධනයේ ‘හොඳම ක්‍රියාකාරිත්වය´ට හිමි රන් සම්මානය දිනා ගනිමිනි.

අද වන විට ඕෂන් ලංකා සමාගම මගින් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි ජාත්‍යන්තර මට්ටමේ ඉහළම තත්ත්වයෙහි රෙදිපිළි සන්නාමයන් වෙත සැපයෙන්නේ, රෙදිපිළි ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය නාමය සටහන් තබමිනි. එකී ලොව පිළිගත් සන්නාම අතරට, Victoria’s Secret, PVH (Tommy Hilfiger/Calvin Klein), Next, Nike, Uniqlo, GAP, Amazon, Michael Kors, Marks and Spencer, Lacoste, Puma, Intimissimi and Hanes ආදිය ඇතුළත් වේ.

සමාගමේ ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදි පිළි නිෂ්පාදකයා ලෙසින් නමක් දිනා ගන්නට සමත් වුණු ඕෂන් ලංකා සමාගම, ගෙතීමේ සිට රෙදි ඩයි කිරීම, මුද්‍රණය කිරීම සහ නිම කිරීම දක්වා වන රෙදි නිෂ්පාදනයේ අදියර හතරම මගින් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ සාර්ථකව ජයගත් සමාගමකි. එහි 2018/19 මූල්‍ය වර්ෂය අවසන් වූයේ පිරිවැටුම රු. බිලියන 16.5 ක් බවට පත්කරලමින් රු. බිලියන 14.6 ක නිෂ්පාදන සැපයුමක් පවත්වා ගනිමිනි. එම කාල සීමාව තුළ සමාගම 23% ක ශුද්ධ ලාභ වර්ධනයක් වාර්තා කර තිබුණේ, ප්‍රාග්ධනය මත ශුද්ධ ප්‍රතිලාභය 60% ක් දක්වා පුදුමාකාර ලෙසින් ඉහළ අගයක පවත්වා ගනිමිනි. එමෙන්ම ශුද්ධ විදේශ විනිමය ඉපැයීම් ලෙස දළ වශයෙන් රු. බිලියන 4 ක් බදු වශයෙන් සමාගම රජයට ගෙවා තිබේ.

සිය සමාගමේ 25 වසරක ඉතිහාසය පිළිබඳ සිහිපත් කරන එහි කළමණාකාර අධ්‍යක්ෂ ඔස්ටින් අවු මහතා මෙලෙස සඳහන් කරයි.

“වසර 25 කට පෙර, 150 ක කාර්ය මණ්ඩලයකින් ආරම්භ කළ සමාගමේ මසක නිෂ්පාදන ධාරිතාවය වුණේ රාත්තල් 330,000 ක් පමණයි. අදවන විට සමාගමේ, 1900 කට වැඩි කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. ඒ වගේම අද වන විට, අපගේ නිෂ්පාදන ධාරිතාවය මසකට රාත්තල් මිලියන 03 කට වඩා වැඩියි. මේ කාලය තුළ කාර්ය මණ්ඩලයේ කැපවීම නොවන්නට මෙවැනි නිෂ්පාදන ධාරිතාවයකට ළඟා වීමට අපට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ගත වුණු වසර 25 තුළ අප එක්ව අත්පත් කරගත් සියලුම ජයග්‍රහණයන් සම්බන්ධයෙන් අපි සුවිශාල වශයෙන් ආඩම්බරයට පත් වෙනවා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වසර 25 කට ඉහතදී සමාගමට එක්වූ සේවකයන්ගෙන් පටන් ඕෂන් ලංකා සමාගමේ සෑම සේවකයකුම, නිෂ්පාදන ඉලක්කයන් අභිභවා යෑම වෙනුවෙන් කටයුතු කර ඇති බවත්, කාර්ය භාරය කුමක් වුවත්, කාර්යයෙහි වගකීම හා කාර්යයේ හිමිකාරිත්වය වෙනුවෙන් කටයුතු කරන සංස්කෘතියක් සමාගම තුළ පවතින  බවත්ය.

අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා බවට පත් වීමට හා ජාත්‍යන්තර රෙදිපිළි වෙළෙඳ පොළ තුළ පිළිගත් සමාගමක් බවට පත් වීමට ඕෂන් ලංකා සමාගමට හැකි වී තිබීම 25 වසරක සමාගම් ඉතිහාසයේ එහි අද්විතීය ක්‍රියාකාරිත්වය පෙන්වන හොඳම නිදසුනකි. ඉකුත් දශක දෙක පුරා ඕෂන් ලංකා සමාගම දේශීය හා ජාත්‍යන්තර රෙදිපිළි වෙළෙඳ පොළ තුළ, දැවැන්ත සමාගමක් වශයෙන් ගොඩ නැගී තිබෙන්නේ, එළඹෙන වසර 25 තුළද දේශීය හා ජාත්‍යන්තර රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රය සාර්ථකව ජය ගැනීමට මග පාදා ගනිමිනි.  

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

பின்னடைவான டிசம்பர் பருவத்திலும் கூட சீரான விநியோகத்தை உறுதி செய்யும் பெல்வத்தைபின்னடைவான டிசம்பர் பருவத்திலும் கூட சீரான விநியோகத்தை உறுதி செய்யும் பெல்வத்தை

இலங்கையின் மிகப் பெரும் பால் உற்பத்தி நிறுவனமான Pelwatte Dairy Industries Limited (PDIL), இலங்கையின் பால் துறையில் ஏற்படும் வருடாந்த ‘டிசம்பர் – ஏப்ரல் பின்னடைவான பருவத்தில்’ அதன் உற்பத்திகளையோ வெளியீடுகளையோ குறைக்கவில்லை என்பதுடன், அதனை திறன்பட வழிநடத்தி வருகின்றது.