𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz කෝවිඩ්-19 මර්ධනය කිරීමේ සටනට Ocean Lanka සමාගමත් එක් වෙයි

කෝවිඩ්-19 මර්ධනය කිරීමේ සටනට Ocean Lanka සමාගමත් එක් වෙයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි.

මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා මැතිවරණ රාජකාරීන්හි නියුතු නිලධාරීන් වෙත ආරක්ෂණ මුඛ ආවරණ 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දීමේ අරමුණට සහාය වීමක් වශයෙන් එකී මුඛ ආවරණ නිෂ්පාදනයේදී යොදා ගනු ලබන අමුද්‍රව්‍ය යාර 5,000 සහ single jersey fabric  අමුද්‍රව්‍ය යාර 9,000 ක් ජනාධිපති කාර්යසාධන බලකාය වෙත පරිත්‍යාග කිරීමටද සමාගම සූදානමින් සිටියි.   

Ocean Lanka Pvt Ltd සමාගමේ කළමනාකාර අධ්‍යක‍ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා විසින් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා සේවක නියෝජිතයන් සමග එක්ව මෙකී මූල්‍ය හා අමුද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) විශ්‍රාමික මේජර් ජනරාල් කේ. බී. එගොඩවෙල මහතා වෙත ප්‍රදානය කරන ලදි. 

මෙහිදී අදහස් පළ කරමින් ආචාර්ය අවු මහතා අවධාරණය කළේ ‘කෝවිඩ්-19 උපද්‍රවය විසින් ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ලෝකයම දැවැන්ත අභියෝග රැසකට අභිමුඛ කර ඇති බවයි’. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය: ‘මෙම සෞඛ්‍යමය අභියෝගය පරාජය කිරීම වෙනුවෙන් රජය නිරන්තර සටනක නිරත වී සිටින අතරම Ocean Lanka Pvt Ltd සමාගමද ඊට දායකත්වය දැක්විය යුතු බව අපගේ විශ්වාසයයි’. 

Ocean Lanka Pvt Ltd සමාගම මෑතක සිට අංග සම්පූර්ණ මෙහෙයුම් පවත්වා ගැනීම ආරම්භ කළ අතර කෝවිඩ් -19 ව්‍යසනයට මුහුණ දීමේදී භාවිත කිරීම උදෙසා ආරක‍ෂිත මුඛ ආවරණ වාණිජ මට්ටමින් නිපදීවීමද සාර්ථක ලෙස සිදු කරන ලදි. සමාගමේ එක් ඉදිරි ඉලක්කයක් වන්නේ ස්වභාවික අයුරින් විෂබීජ නසන ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි 100% ක්ම ස්වභාවික කපු මුඛ ආවරණද ඇතුළත්ව PPE නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමයි.

Ocean Lanka සමාගම ගැන

1996 වසරේදී ස්ථාපිත කරන ලද Ocean Lanka Pvt Ltd ලොව ඉහළම පිළිගැනීමක් ඇති ව්‍යාපාරික සන්නාම වන Victoria Secret, Nike, Marks and Spencer, GAP, Adidas සහ Next ආදිය වෙත ඉහළම තත්ත්වයේ ඇඟළුම් නිෂ්පාදනය සම්බන්ධයෙන් වසර 24 කට වැඩි කාලයක විශේෂඥ පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇඟළුම් නිෂ්පාදන සමාගම වේ. හොංකොංහි පිහිටි Fountain Set Holdings සහ Hirdaramani Group, Brandix Lanka Limited වැනි දේශීය සමාගම් සමග ව්‍යාපාරික හවුල්කාරීත්වයකින් මෙම සමාගම ක්‍රියාත්මක වෙයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ඩර්ඩන්ස් රෝහල ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත්වෙයිඩර්ඩන්ස් රෝහල ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත්වෙයි

කොළඹ 03, ඇල්ෆ්‍රඩ් පෙදෙස, අංක 03 දරණ ලිපිනයෙහි පිහිටි ඩර්ඩන්ස් රෝහල, සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික

Orange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World RecordOrange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World Record

Paris, France, Huawei and Orange have successfully achieved a new world record1 of 157 Tbit/s transmission prototype testing over a 120 km fiber on the Orange network in South West France. This technical achievement unequivocally demonstrates that Orange’s current infrastructure is fully prepared for transmission technologies that can take on increasing traffic over the next decade.