𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Uncategorised Huawei හි නවතම පෙරළිකාර හඳුන්වා දීම Huawei MateBook D 15 ලැප්ටොප් දැන් වෙළද පොළේ

Huawei හි නවතම පෙරළිකාර හඳුන්වා දීම Huawei MateBook D 15 ලැප්ටොප් දැන් වෙළද පොළේ

| | 0 Comments |

ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය ලැප්ටොප් මාදිලියක්

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. 

ස්මාර්ට් දුරකථන වෙළද පොළ තුළ ලොව ප්‍රමුඛයින් වන Huawei මෙලෙස හඳුන්වා MateBook D 15,  පාරිභෝගිකයා වැය කරන මුදලට නවීන තාක්ෂණික විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දේ. එහි වූ ඇතැම් විශේෂාංගයන් වෙළද පොළේ ඇති අනෙකුත් සියලුම තරඟකාරී නිෂ්පාදන ද අභිබවා යයි. 

MateBook D 15 හි 87% screen to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම් 1.62ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර් 16.95 ක් තරම් වූ ඝනකම (thickness) හේතුවෙන් ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි ලැප්ටොප් මාදිලියක්  ලෙස හැඳින්විය හැකිය.  Full HD IPS අඟල් 15.6 ක full view තිරයකින් සහ color temperature controller විශේෂාංගය සමගින් එන MateBook D 15 හි eye comfort mode, අධික ලෙස ලැප්ටොප් තිරය දෙස බලා සිටින සියළු දෙනාගේ ගැටළු වලට විසඳුමක් වනු ඇත.

මෙම නවතම පෙරළිකාර හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා මෙසේ පවසා සිටි. “දිනෙන් දින වෙනස් වන සිය පාරිභෝගික අවශ්‍යතා වලට අනුකූල වෙමින් ඔවුන්ගේ තාක්ෂණික ජීවන තත්ත්වයන් උසස් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව ක්‍රියා කරන සමාගමක් ලෙස Huawei මෙලෙස දේශීය වෙළද පොළට හඳුන්වා දුන් MateBook D 15 තරඟකාරී විශේෂාංග වලින් යුත් විශිෂ්ඨ නිෂ්පාදනයක් ලෙස හැඳින්විය හැකිය.  අවම මිලකට සිය පාරිභෝගිකයාට විශිෂ්ඨ විශේෂාංග රැසකින් යුත් ලැප්ටොප් මාදිලි රැසක් වෙළද පොළට ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටි. 

SenseMI තාක්ෂණය හරහා වැඩි දියුණු කරන ලද, AMD Ryzen 5 3500U mobile processor මගින් බල ගන්වා ඇති, AMD Radeon Vega 8 ග්‍රැෆික්ස් සමගින් එන MateBook D 15 හරහා කිසිඳු බාධාවකින් තොරව බහු කාර්යන් සිදු කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. MateBook D 15 එකවර apps කිහිපයක් සමග වුවද ගැටලුවකින් තොරව ක්‍රියා කිරීමේ හැකියාව ලබා දෙන 3.7 GHz clock speed සහ Ryzen 5 3500U ප්‍රොසෙසරය, 8GB DDR4 RAM සහ  256GB SSD බොහෝ දෙනාගේ අවධානයට යොමු වී ඇති අතර, තව දුරටත් මතක ධාරිතාවය  දිගු කල හැකි SATA HDD විශේෂ වේ. 

තවද MateBook D 15 හි cross-device collaboration විශේෂාංගය හරහා ස්මාර්ට් දුරකතනයේ තිරය, ලැප්ටොප් තිරය තුලින් මෙහෙයවිය හැකි වීම සහ ‘’Huawei Share’’ හරහා ස්මාර්ට් දුරකතනය තුල තිබෙන දත්ත ලැප්ටොප් පරිඝනකය වෙතත්, පරිඝනකය තුල තිබෙන දත්ත ස්මාර්ට් දුරකථනය වෙතත් පහසුවෙන් හා ඉතාමත් ඉක්මනින් හුවමාරු කල හැකි වීම එදි නෙදා කාර්යන් රැසක් පහසු කර ඇත.

MateBook D 15 හි keyboard මත වූ pop up වෙබ් කැමරාව ශ්‍රී ලංකික පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක්, පෞද්ගලීකරණයක් හා ආරක්ෂාවක් ලබා දෙන අතර,  smooth touch pad සහ key board වැඩි වෙලාවක් typing වැනි ක්‍රියාවල  නිරතව සිටින්නන්ට ඉතා පහසු අත්දැකීමක් හිමි කර දී ඇත. තවද මෙහි power button, fingerprint තාක්ෂණය හරහා බලගන්වා ඇති හෙයින් පරිඝනකයේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් හිමි වේ.  තවද වෙනත් පරිඝණක මාදිලි වල මෙන් ඉතා  දිගු හෝ විශාල වයර් වලින් තොරව පහසුවෙන්ම රැගෙන යා හැකි 65W USB-C charger පරිශීලකයාට විශාල පහසුවක් එක් කර ඇත. මිනිත්තු 30ක් වැනි කෙටි කාල සීමාවක් ඇතුලත fast charging තාක්ෂණය හරහා 54% ක් ලැප්ටොප් පරිඝනකය charge කර ගැනීමේ හැකියාව විශේෂ වේ.

මෙම අද්විතීය විශේෂාංග රැසකින් පැමිණෙන MateBook D 15 හි මිල රුපියල් 149,999 ක් වන අතර දිවයින පුරා විසිරුණු සිංගර් ශාඛා , daraz.lkwasi.lk සහ සියලුම බලයලත් Huawei අලෙවි නියෝජිත ජාලය හරහා දැන් මිලදී ගත හැක. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post